10.7.12

නිහඩ වුනි මම කිසිත් නොකියාම


සිත මතින් ගලාගිය 
නුඹ උණුහුමේ සිසිලස
වසාගත් දෙනෙත් මත නැවතුනත් 
ඉකුත්ව ගිය කාලය පුරාවට 
මුළු හිතම වසාගත් 
ආත්මීය සිසිලස නුඹෙ නිසා
නිහඩ වුනි මම කිසිත් නොකියාම 
ගලන්නට ඉඩ දී 
නුඹෙ ආදරණීය ආදරයට 
මගේ සිත මතින් තව තවත්.....

පබලු

18 comments:

  1. :) ලස්සනයි යාළු! :)

    ReplyDelete
    Replies
    1. @හිරු
      ගොඩාක් ස්තුතියි හිරු :D D D

      Delete
  2. ආදරයට ආදරය කිරිම....ආත්මීය වන්දනාවක් සේමැයි

    ReplyDelete
    Replies
    1. @රාජ්
      අදහසට ස්තුතියී!!

      Delete
  3. ලස්සන සිත්විල්ලක් නොවැ ..

    ReplyDelete
    Replies
    1. තැන්ක් Q වේවා රොබින්

      Delete
  4. Replies
    1. @වැප්
      කාලෙකින් මෙහේ..පාර වැරදිලාවත් ද..:D
      මක්කවත් නෙවෙයි මේ ල ව්.....ල ව්....

      Delete
    2. හික්හික්

      පර වැරදිලා නෙමෙයි අප්පා පරණ පුරුදු තැන් වලට අපි ඇවිත් යනවා :DDD

      Delete
    3. එළ එළ..ජයවේවා !!

      Delete
  5. කවිය ඇතුලේ ලොකු කතාවක් පෙනුනා..හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. @සිතුවිලි දැහැන

      ලොකු කතාවක් කවියක් වෙලා කවිය ලොකු කතාවක් වෙලා..අදහසට ස්තුතියි..නිතරම එන්න :D

      Delete
  6. "නිහඩ වුනි මම කිසිත් නොකියාම
    ගලන්නට ඉඩ දී
    නුඹෙ ආදරණීය ආදරයට"

    මම මේ පද වලට කැමතියි.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියී...ජයවේවා!!

      Delete
  7. අදත් කවි රිප්ලයි නෑ...... සික්.. මට දැන් කවි ලියන්න අමතක වෙලාද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ආයේ කවි මඩුවක් තියල කවි ලියන්න පුරුදු වෙමු එහෙනම්.ජයවේවා!!

      Delete