16.1.12

ගුරු ගීතය කියෙව්වේමි

සිතුම් විල් තුල කිමිදි 
සොයමි මඟ හැරුනු නුඹව......
පහන් කණුවක් ලෙසින් පෙරදී
පාර පෙන් වු නුඹව......
මූසලම අතීතෙක 
සුවද දුන් එකම කුසුම...... 
දුයිෂේන් නුඹයි මගේ
දකින්නට නෙත් පෙරුමන් පුරන......
මිහිරිතම ගීතය නුඹයි
මගේ වත්මන ගැයෙන.......
අල්තිනායි මමයි නුඹේ
ළය පුරා නුඹ රදවා රකින......
සියොලඟම ඇවිලෙමින්
නිතර හිත පෙරුමන් පුරන......
නුඹේ හැම හුස්මටම 
හැමදාම පෙම් කරන......
දුයිෂේන් නුඹයි මගේ
හමුවන්න කල් අරින......

පබලු 



29 comments:

  1. නියමයි මම නම් කාලෙකට කලින් කියෙව්වෙ.
    කවියත් ලස්සනයි. දුයිෂෙන් මෙ කතාවෙ ඉංග්‍රිසි කතාව...

    ReplyDelete
    Replies
    1. රවා මෙහේ ඉන්නවා දකින්නත් සන්තෝසයි.ඇත්තටම නියම පොතක් ,
      අදහසට ස්තුතියි :D :D :D

      Delete
  2. කවදාවත්ම අමතක වෙන්නේ නැති ලස්සනම ලස්සන කතාවක්.. දුයිෂෙන්..අල්තිනායි හැමදාමත් ජීවත්වෙනවා හිත්වල..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.. කියවගෙන යද්දි අල්තිනායි දුයිෂේන් හදවතේ උපදිනවා.ආදරේ ට හොද අර්තයක් දෙනවා වගේම ජිවිතේට හොද ගැම්මක් ගේනවා.ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්.ඒක සැරයක් නෙවෙයි කීපසැරයක් ම

      Delete
  3. පොඩි කාලේ කියෙව්වට හැමදාම මතක තියෙන පොතක්. ආයෙත් කියවන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. ආයේත් නෙවෙයි ආයේ ආයෙත් කියවන ඕන පොතක් ..

      Delete
  4. මම ගුරු ගීතය කියෙව්වේ 7 වසරේදී. එදා ඉදන් මගේ හිතේ දුයිෂෙන් ගුරුතුමා ජිවත් උනා විතරක් නෙමේ මම ඒ වගේ චරිතයක් ජීවමානව හෙව්වා .. කාලයක් ගත උනාට පස්සේ මම තේරුම් ගත්ත පොත් වල ආදරේ කරපු චරිත හැබෑ ලෝකේ නෑ කියල . අදටත් දුයිෂෙන් මගේ හිතේ මහා ආදරණීය හැගීමක් එක්ක ජිවත් වෙනවා ..ගුරු ගීතය සදාකාලිකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අදහසට...හිතට තඩින් වැදුන පොතක්..ආයේත් කියවන්න හිතෙන තරම් ම ලස්සනයි.ගුරු ගීතය සදාකාලිකයි අපේ හිත්වල

      Delete
  5. එක දවසින් පැය කිහිපයෙන් කියවලා ඉවර කරපු හිත් ගත් කතාවක්. පල් හෑලි මහ ගොඩක් නැතුවට මොන තරම් නං ලෝභ කමක් හිතට දැනුනද නේද? අල්තිනායිට වෙන දේ....... දුයිෂෙන් ඇවිත් බේරාගෙන යන හැටි......... අයියෝ එහෙමත් දේවල්........

    ලස්සන පද පෙළ නගේ

    ReplyDelete
    Replies
    1. අල්තිනායි ගේ හිත ඇතුලේ ඉපදෙන ඒ අධ්‍යාත්මික ආදර ය..අල්තිනායි ගේ හිතේ ශක්තිය. මම හිතන්නේ මම වැඩියෙන් කැමති අල්තිනායි ට.

      ගොඩාක් ස්තුතියි අදහසට

      Delete
  6. ආයෙත් කියවන්නෝනි.. ස්තුති !

    ReplyDelete
    Replies
    1. ආයෙත් ආයේ ආයෙත් කියවන්න ඕනේ :D

      Delete
  7. පුංචි ඉස්කෝලේ උණුසුම් කරන්න ගොම හොයන්න යන කෙල්ලෝ.. එයාලාගේ ඇඳුම්... ඒ අතර ඉන්න අල්තිනායි...

    ස්තූතියි පබලු මකතය අළුත් කලාට..

    ලස්සනයි ඔයාගේ නිර්මාණය... :)

    ReplyDelete
    Replies
    1. දුයිෂේන් ගේ උදව්වෙන්, හා ඇගේ උත්සහයෙන් ජීවිතය දිනන අල්තිනායි.හරි දේ වෙනුවෙන් සධාරණත්වය වෙනුවෙන් නැගී හිටින අල්තිනායි.. තව හුගක් දේ..


      අදහසට ස්තුතියි සුදු හංසි..

      Delete
  8. එතකොට මෙතන ඉන්න මේ පොත නොකියවපු එකම එකා මමද...
    මේ සති අන්තයේ නොවරදවා පුස්ථකාලයට යමි !!

    ReplyDelete
    Replies
    1. අන්න හොද වැඩ.. කලුව මාරපන් ගියා වගේ නැතුව පුස්තකාලෙට ගිහින් ගුරුගීතය හොයාගෙන කියවන්න :D

      Delete
  9. මගෙත් ආසම පොතක්.ඔයා ලස්සනට කවිය ලියලා තියෙනවා.
    ඉඩක් තියේ නම් මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ..අනිවාර්යෙන්ම එනවා තෙමෙන්න වැස්සේ .. ..

      Delete
  10. ගුරු ගීතය නොකියවූ මම.... මටම දොස් නගනවා හැර වෙන කුමක් නම් කරන්නද?... පබලුගේ මේ පැදි පෙලත් මට තේරුම් නොයන විට ... :(

    ReplyDelete
    Replies
    1. ආයේ හිතනන් දෙයක් නැ .ගන්න පොත. කියවන්න..
      ස්තුතියි මෙහේ ඇවිත් ගියාට

      Delete
  11. ලස්සන පොතක් වගේම ලස්සන කවියක්! ඉස්සර මතකේ අළුත් වෙනවා වගේ දැනෙන්නේ!

    ReplyDelete
  12. මතකයි මට තාමත්, පොප්ලර් ගස් දෙකක්............
    ලස්සනයි...

    ReplyDelete
  13. මතකේ තියෙයි හැමදාමත් පොප්ලර් ගස් අතර රැදුනු කතාවක්..ස්තුතියී

    ReplyDelete
  14. හරිම මියුරු පද පෙළක්...

    ReplyDelete