9.1.12

2012 ලැබුවේ අද -එනව නම් ඔබ


දුරුතු සීතල සුළන් සිපගෙන
එනව නම් ඔබ මටත් රහසෙම
පිපෙන සුවහස් කුසුම් පෙති මත
අකුරු ලියනෙමි සිතුම් කැටිකොට

මගේ සිතුවිලි නුඹ සිතින් විද 
එනව නම් නුඹ සැනසුමත් ගෙන 
පිපෙන නිම්නැති තරු කැකුලු වල 
එලිය දෙන්නෙමි සිනා කැන් ඉස

පබලු

ප.ලි :
2012 ලැබුවේ අද 
අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක



9 comments:

  1. දුරුතු සිතල සුලන් මැඩ ගන
    ලග ඒවි සැනසුමත් අරගන

    හ්ම් ලස්සන සංකල්පනාව. අදමයි මේ පැත්තේ ආවේ. දැන් ඉතින් දිගටම එන්නම්කෝ...............

    ReplyDelete
  2. අලුත් අවුරුද්දේ පබලු දැක්කාම තියන සතුට ..

    කවියත් ලස්සනයි පබලු අක්කේ

    ReplyDelete
  3. සිනා සුසුමන් තුරුළු කොට
    හිදී නම් හිස තියා මා ළය මත
    කෙලෙස නම් ඉන්නද දුරින් මම
    දුරස් වනු නෑ සිතින් නුඹ මා ලග

    පිපෙන තුරු ලතා මඩුළු මත
    පියඹනා රන් සිහින වදුල්ලක
    ලං වෙලා මුමුණණා ඇසිල්ලක
    කල්පයක් වී නවතීවි මොහොතක

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඇ...:-D

    ReplyDelete
  4. අප්පච්චියේ කාලේකට පස්සේ..දන් කොහොමද මව් පදවියේ වගතුග

    ReplyDelete
  5. @රෙප් මහත්තය තැන්ක් Q වේවා..දිගටම එන්න.. මේ වගේම අදහසත් කියලම යන්න :D

    @හිස් අහස
    මටත් සන්තෝසයි..පෝස්ට් එකක් නැතුවත් මගේ තනිකම අමතක නොකලට ..පහුගිය කාලේ වගේම මේ අවුරුද්දෙත් එන්න යන්න. අදහස් කියන්න මල්ලියෝ

    ReplyDelete
  6. @පසන්
    හලේ එළ කවිය ..තැන්ක් Q වේවා
    ඔයාට ඇතුලු මේ බ්ලොග් අවකාශේ හැමෝටම හැපි 2012 ක් වේවා!!

    @Raj
    මවු පදවිය ලද ඈ ද සතුටෙනි..ඈ දෙස බලමින් අපිද සතුටෙනි..තැන්ක් වේවා Q මෙහේ ඇවිත් ගියාට.. දිගටම එන්න

    ReplyDelete
  7. සුන්දර සිතුවිල්ලක්, හරිම ලස්සනයි..

    ReplyDelete