22.5.11

නිමක් නැති සංසාරේ


නිමක් නැති සංසාරේ
ඇවිදගෙන ඇවිදගෙන විත්
නැවතුනු මේ නවාතැන් පළය
බුදුන් වැඩි දේශයේ....

දෙමවුපිය සොයුරු සොහොයුරු
මේ සසරේ මඟ දමා
හිමි වියෝ දුක් දරා
මහා සයුරටත් වැඩිය
කඳුලු ගංගා හෙලා.......

පැමිණ ඇත අලුත් සබඳකම් මැදින්
නිමක් නැති සංසාරේ
නවතැන් පල සොයා.......

පබලු


බලපොරොත්තු නොවුන වෙලාවක අප අතරින් වියෝ වූ හිතාදර මිතුර 
දිලුම් දිසානයක අපි කවුරුත් දන්න ඉලංදාරියා ,ඉලං 
ඔබ ඉපදෙන කිසිම භවයක මේ වගේ 
අකල් මරණයකට ගොදුරු නොවේවා!!!.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය  අවබෝධ වේවා!!! කියලා ප්‍රාර්තනා කරනවා ...

7.5.11

එකෝමත් එක කුමාරයෙක්



ආත්මය  පුරා සැරිසරන
අකුරු එකින් එක දිග හැරී
ලියවුනා එක කතාවක්....,
බලිකුරුටු අතරින්
-----විශ්වාසයේ එක කතාවක්-----

සුරලියන් ගෙතු රටා අතරින්
සැන්දෑ අහසේ.....
එකෝමත් එක කුමාරයෙක්,
වැඩියා....
ප්‍රේමයේ විල් පතුල කලඹා 
----රහසින්----

පබලු

2010-05-07 සඳ උගුල්ලා අහසින් 
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව සෘතුවක් සේ
කවුරුත් නොගැයූ
ආදරයේ මිහිරිම ගීය ගයන්නම්