10.10.11

10/10/10




පියාපත් ඇවිත් සිතුවිලි
 ඔහේ පාවුනා
පාට පිරුනු හීනය ලඟ 
ඉබේ නැවතුනා
වහින මල් පැතුම් වැස්සේ 
වැතිර සැනසුනා
සුපුන්  සඳ ඇවිත් අහසේ 
දිලී හිනහුනා

පබලු

7 comments:

  1. පියාඹන්න සිත් අහසේ
    දොරටු නැති උනා
    පියාපත් ලද නිසා සතුටින්
    හිතම සැනසුනා...............:-D

    ReplyDelete
  2. හා හා..දැන් සුපුන් සඳ එච්චරටම ලඟට ඇවිත්ද..හොඳයි හොඳිය..ලස්සනයි සහෝදරි

    ReplyDelete
  3. කාලෙකින් අක්කන්ඩිගේ කවියක් බලන්ඩ ආවේ ..

    ගානක්වත් නෑ හිතුනොත් ලියනවා නැත්තම් හොයන්ඩත් නෑ !!

    ඒ තමයි අපේ පබලු අක්කා !

    ReplyDelete
  4. එක අතකට සිතිවිලි වලට බ්‍රෙරෙක් නැනොවැ..වැඩිපුරම ඉතින් ලස්සන තැන්වල තමා නතර වෙන්නේ....නේද පබලු

    ReplyDelete
  5. @පසන්
    මේවනේ කවි..මම ලියන්නේ මොනවද කියල හිතෙනවා පසන් අයියගේ කවි දැක්කම.තැන්ක් Q වේවා.

    @ජනරඟ .
    සුපුන් සඳ නෙවෙයි ඊට එහා තියන දෙයක් වුනත් ලඟට ගත හැකි කවියෙන්.හී හී තැන්ක් වේවා සහෝ

    ReplyDelete
  6. @හිස් අහස
    කාලෙකින් නේ මලේ අක්කණ්ඩි කවියක් ලිව්වේ..

    ගානක් නැතුව නෙවෙයි මලේ.මේ දවස් වල කවි ගඟ හිදිලා.දැන් නම් යාන්තමින් පොදට වහිනවා.

    මලය සතියට පෝස්ට් 7ක් දානව වගේ අඩුම ගානේ මාසෙට 3ක් වත් දාන්න උත්සහයක් ගන්න ඕන.

    @Raj
    නැතුව නැතුව .ලස්සන තැන්වල කවුද නවතින්න අකමැති.සිතුවිලි ගඟ ගලන්න ගත්තම නම් ඉතින් බ්‍රේක් නැ තමයි.

    ReplyDelete
  7. එහෙම උනේ දෙදහස් දහයෙ ඔක්තෝබර් මාසෙ දහවෙනිද ද...

    ReplyDelete