19.7.11

දේවී.....


මල් කෙමි සිඹින 
සඳ මත වැඩ සිටි සාවි.....
දැකගනු කැමති ඈ මා 
පෙම් කළ දේවී.....
තරු මල් සිඹින නෙතු 
අග්ගිස්සෙන් බේරී......
නුඹ වෙත බැඳුනු සිත බබලයි 
තාමත් පේවි.....

පබලු

12 comments:

  1. ලස්සනයි පද ගැලපිල්ල..මරු...

    ReplyDelete
  2. ම‍ගේ නම දැක්කට ආ‍වේ. වැඩක් ලැ ඒ උනාට......

    ‍ලස්සනයි කියලම ඇති ‍වෙලා දැන්නම්. :)

    ReplyDelete
  3. මට තේරුනේ නෑ මේක.....

    ReplyDelete
  4. අනේ මට මේවා තේරෙන්නේ නෑ :D

    ReplyDelete
  5. හද විල පිපුණු මල් සුවඳත් ගෙන පාවී
    එනතුරු බලා හිනු පෙර මඟ නුඹෙ දේවී..........

    ReplyDelete
  6. "සක්මන් කරන මළුව පාළුයි දේවී - මන් විතරයි නුඹ කිසි දිනෙක නො ඒවී..."

    ReplyDelete
  7. @නිම්ශා
    ස්තුතියි

    @හා පැටිස්
    ස්තුතියි මෙහේ ඇවිත් ගියාට ( නැවතුනා නම් ඉතින් වදේ :පී )

    ReplyDelete
  8. @සෝරෝ & කාණි

    හලේ මේක ඇවිල්ලා දෙන්නම ආදරෙයි ඒත් යතාර්ථය එක් නොවීම බව දන්න නිසා දෙන්නම කියන්නේ නැ.කොච්චර ඈත වුනත් ආදරෙයි..ඒත් හිතින්.ප්‍රකාශ කරන්නේ නැ.
    ඕන් ඔහොම එකක් තමයි මම අදහස් කරේ..
    තේරුන්නැ කියන්නේ මම කියපු විදීයෙ අවුලක් වෙන්ටැ.
    කෙසේ වෙතත් ස්තුතියි මෙහේ ඇවිත් ගියාට

    ReplyDelete
  9. @රවින්දුමාල්
    ස්තුතියී!!
    කවියටම ඔබින පිලිතුරු කවිය.

    @ප්‍රාර්ථනා
    ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  10. @ටී.බී. හේරත්

    ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  11. සිත් පුරා ඇති ඇගේ පිළිරූ,
    නුඹට දුන්නත් සිතුම් සොඳුරු,
    ඇසට ගෙන එන නොයෙක් සලරූ,
    පමණි නොමවේ වෙනත් කවුරූ..

    ලස්සන තාලයක්, ලස්සන පද පෙළක්, ලස්සනයි පබළු :)

    ReplyDelete