21.6.11

කියන් නුඹ, කෝ කොහිද..?


සමන් මල් පියළි මත ඇවිදයමි සිහිනයෙන් 
දුරින් හිද සිනාසෙන නුඹ සිටි ස්නේහයෙන් 
අතපොවනු බැරි දුරක බොඳව යන සිතුවමින්
කියන් නුඹ, කෝ කොහිද..?
පිසලන්න මේ,
වැටෙන පිනි නෙතු අගින්..... 

දසන්තය පුරාවට හමා යන සිසිලසින් 
නුඹේ මතක මා මනස රැදෙයි එක සුසුමකින් 
ඇයිද නුඹ දුර ගිහින් සිහිනයක් විලසකින් 
කියන් නුඹ, කෝ කොහිද..?
සනසන්න මේ,
සිත එක වදනකින්.....

එකම කවියක නොලියු පදයක 
ගෙතුනු සිතුවිල්ලක් ලෙසින්..... 
හිස් වු හිත මත පතිත විය නුඹ 
පහන් තරු එළියක් ලෙසින්......
බිද දමා නුඹ ගියත් මේ ලෙස
නොදල තව පැතුමක් ලෙසින්.....
හිස් වු හිත ගෙන බලා ඉමි තව 
එන තුරා අරුණක් ලෙසින්.....

පබලු

11 comments:

  1. හිස් වු හිත ගෙන බලා ඉමි තව
    එන තුරා අරුණක් ලෙසින්....

    හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. රෑ ලියපු නිසා ඔය කළුවර.. උදේ වුනාම හරි යයි.... :D

    ජය වේවා....!!

    ReplyDelete
  3. ජීවිතේ හිස්තැනක්..නොපිරවෙන අඩ කළුවරක්..ලස්සනයි

    ReplyDelete
  4. ලස්සන සින්දුවක් පබලු අක්කේ . ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  5. දිනෙක පෙරදී මිය ගියත් සිත..
    තවම බැඳිලා ආදරෙන්...
    හිදින්නේ නෙත් අයාගෙන මග..
    දකිනු රිසියෙන් නොවැ ඉතින්..
    කිමද ලං වෙනු නොහැකි මේ ලෙස..
    නොදන්නෙමි කාරණ ඉතින්...
    සබඳ නුඹ මිස මා නොවේමය..
    වෙන්ව ගියේ පෙර දින ඉතින්...

    ReplyDelete
  6. මගේ කරන් මම වින්දා
    -කාංචන

    ReplyDelete
  7. හරිම අගෙයි.....

    ReplyDelete
  8. hm anith kavi walata wadaa lassany kiyala hithenawa..pa

    ReplyDelete
  9. සමන් මල් පියළි මත ඇවිදයමි සිහිනයෙන්
    දුරින් හිද සිනාසෙන නුඹ සිටි ස්නේහයෙන්
    ලස්සනයි පබළු.
    මැණික්

    ReplyDelete
  10. සිතේ මටත් කවියෙක් වන්නට මෙය රස වින්දාම .... හරිම ලස්සනයි

    ReplyDelete