7.4.11

ආසයි මගේ නෙත් හෙමින් පියන්නට


හාදු වැස්සක තෙමෙන්නට
ආසයි මට නුඹ පපුතුරෙ නිදන්නට
සිතින් දොඩමලු වෙන්න ට
ආසයි මට නුබ නෙතට එබිකම් කරන්නට

අනන්ත හැගුමන් ළය පූදින විට
ආසයි නුඹ දෙස බලා සිටින්නට 
නුඹේ දෙතොල් පෙති නළල සිඹින විට
ආසයි මගේ නෙත් හෙමින් පියන්නට

නිදිවරන සිත ලඟ නුඹ ඇවිත් මුමුණන
ආදරයේ ගීය හැබැවට අහන්නට
ඒ හීනයේ වෙලී මම, නුඹ
ආසයි මට දුර ගමනක් යන්නට

පබලු

11 comments:

  1. එන්ට එන්ටම තත්වය දරුනු වන හැඩයි...

    ReplyDelete
  2. ලස්සනයි....

    "අනන්ත හැගුමන් ළය පූදින විට
    ආසයි නුඹ දෙස බලා සිටින්නට
    නුඹේ දෙතොල් පෙති නළල සිඹින විට
    ආසයි මගේ නෙත් හෙමින් පියන්නට"

    මේ හරියට මම ගොඩක් ආසයිලු ඔන්න

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ඉතින්.........

    ReplyDelete
  4. මට කමෙන්ට් එකක් දාන්න ලැජ්ජයි ! පස්සේ එන්නම් තව කට්ටිය ආවම ...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් ආසයි දුර ගමනක් යන්නට......

    ReplyDelete
  6. @මාරයාගේ හෝරාව
    මටත් නිකමට වගේ ඔහොම හිතුනා.තැන්ක් Q වේවා මෙහේ ඇවිත් යනවට

    @MaRLaN
    ගොඩාක් ස්තුතියි ලු ඔන්න මෙහේ ඇවිත් අදහස කියලම ගියාට

    @හා පැටික්කි (MS)
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙමයි හාවියේ

    ReplyDelete
  7. @හිස් අහස
    හී හී මාර ලැජ්ජාව..මේක දැක්කම මටත් ලැජ්ජයි වගේ මල්ලි.ස්තුතියි නිතරම ඇවිත් අදහස් කියනවට.ඔයාලගේ අදහස් නිසා තව තව ලියන්න හිතෙනවා.

    @෴ හසියා ෴
    හ්ම්ම්ම් දුර ගමන යනකොට අපිටත් කියලා යන්ට ඕං
    තැන්ක් Q මෙහේ ඇවිත් ගියාට

    ReplyDelete
  8. පබලු අක්කේ මට ඔයාගෙන් ලොකු උදවුවක් ඕන

    මතකද එක කාලයක් ඔයාගේ බ්ලොග් එක අනිත් අයගේ බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවී තිබුනා ? ඊට පස්සේ ඒක කවුරුහරි කෙනෙක් හෝ ඔයා විසින් ඒක හැදුවද , නැත්නම් ඒක නිකම්ම හරි ගියාද ?

    හැදුවනම් ඒ හැදුවේ කෝමද කියලා මට කියා දෙනවද ? මම දන්න සිල්ප දාලා බැලුවා මට ඒක හදාගන්න බෑ

    ReplyDelete
  9. මම ඒක හැදුවේ නැ මල්ලි.ඒක ඉබේම හරි ගිහින්.
    මට හිතෙන්නේ ටෙම්ප්ලේට් එක මාරු කරද්දි වගේ හරියන්න ඇති.
    තිබුන ටෙම්ප්ලේට් එකේ මම කෝඩ් එහෙම වෙනස් කරද්දි තමයි අප්ඩේට් වෙන අවුල වෙලා තිබුනේ.
    මේ ගැන හොදටම දන්න කෙනෙකුගෙන් අහල බලන්න
    .මමත් හොයල බලන්නම්

    ReplyDelete
  10. හාදු වැස්සක නැහැවෙන්නට
    ආසයි නුඹ තුරුළු කර සගවන්නට
    ලොව හොරෙන් නුඹ දෙස බලන විට
    සාගවාන ඉන්නම්ද මගේ ළය මඩල තුල

    පුබුදනා හැගුමන් අනන්තය මත
    දෑගිලී පටලවා ඇවිදිමුද සොයා එය
    නුඹ දෙතොල් නැහැවිලා එන සුසුම් පොද
    නෙතුපියා හිදිනු මැන විදගන්න මොහොතකට

    මරු කවිය ඇ...........

    ReplyDelete
  11. nice post akkiyoo.

    ReplyDelete