17.7.10

උණුසුමට ගුලිකර ගනුමැන ලැමේ....


නුබ සිතට ආ ඇසිල්ලේ
පෙම පිරුනි සිත් කොදෙව්වේ
දුර නොයා නුබ තුරුල්ලේ
සැනසුනෙමි නෙතු පියල්ලේ

රැයේ දුටු සුභ සිහිනයේ
හිතින් දොඩමලු වුන ප්‍රියේ
ලගම රැදෙමින් අනන්තයසේ
හිදුනු මැන මට පහන්වැට සේ

පාය ආ තරුවක් ලෙසේ
දිලි දිලී මා හිත වටේ
හිමින් සතපා නුබ ලයේ
උණුසුමට ගුලිකර ගනුමැන ලැමේ

පබලු


14 comments:

  1. Hamadaama Wage, Harima Lasanai......... I Love You......

    ReplyDelete
  2. ලස්සනම ලස්සන පද පෙලක්.....:))

    ReplyDelete
  3. harima adaraniya pada peliyak pabalu.... digatama me wage ewa liyanna.

    ReplyDelete
  4. ගොඩ දවසකින් දැක්කේ.ලස්සනයි.ගොඩක් සංවේදීයි.

    ReplyDelete
  5. මේ දෙස බලලා.......
    සිතුනෙමි මට.......
    නව සිතුවිලි.......
    ලියන්නට මෙතරම්.....
    හයිය ලැබෙවා යි .....
    පතනෙම්.......

    ReplyDelete
  6. උණුසුමට සැගවී ඉන්නට
    පුරනෙමි පෙරුම්
    ඔබ එනදාක
    සැගවී තුරුළු වෙමි ඔය හදට සෙමින්....
    ලස්සනයි අක්කියේ කවිය...

    ReplyDelete
  7. sathapi sitinawita numba ma thurulu kota
    mulu lowa pawa amathakawei dasatha diga
    thun lokaye athi uthumma suwaya winda
    ganimi obee senehasa mata labena kota

    ReplyDelete
  8. සිත් කොදෙව්වේ පිරුණු පෙමින්
    නෙතු පියා තුරුලේම සැනසෙන්න
    ලයේ සැතපී උණුහුමට ගුලිවෙන්න
    පතමි එය ‍රැයේ දු‍ටු සිහිනයක් නොවෙන්න

    ReplyDelete
  9. කාලෙකට පස්සෙ මම ආව ඔන්න බලල යන්න. ලස්සනයි අක්කියෝ කවිය නම්. සුබ පැතුම්.

    ReplyDelete
  10. godak lassanai......puluwannam tikaka wenas topics walata yanna balanna.......ehema unoth thawath godak hoda dewa bihiwevi....

    ReplyDelete
  11. මේක සිංදුවක් කරන්න. ලස්සනට තියේව්.

    ReplyDelete
  12. අමුනන්නට මෙවන් පදවැල්,
    ලැබේවා තවතවත් දිරි...

    ReplyDelete
  13. වචනයෙන් කවියෙන් අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..ඔයාලගේ අදහස් ලැබේන එක ලොකු සතුටක්...හැමදාම මාත් එක්ක මගේ තනිකම එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා... :D :D :D :D

    ReplyDelete