21.6.10

හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ


සිත් විල පිපි
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....

භවයෙන් භවයට පෙරුමන් පිරුවේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ

පබලු

16 comments:

  1. Harima Lassanai Pabalu............

    ReplyDelete
  2. වෙනදා වගේම පලවෙනි කවිය පබළුගේ අනන්‍යතාව. ඉතාම රසවත්. දෙවෙනි කවියේ පබළුගේ අනන්‍යතාව නැහැ. පලවෙනි කවියත් එක්ක දෙවෙනි කවියේ සම්බන්ධයත් අඩුයි වගේ.

    ReplyDelete
  3. හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ......nice akke...

    ReplyDelete
  4. සිතුවිලි මත ගතවෙන දිවියක
    පෙමින් පිරුනු හද කකියන දහවල
    පුවරුවෙ යතුරින් එකිනෙක අමුනා
    පබලුගෙ දෑතින් ලියවෙන කවියා....

    ReplyDelete
  5. Aththatama lassanay pabalu me kawiya.....

    ReplyDelete
  6. @KaniRockz,Anonymous ස්තුතියි!!!

    @ගීත් (සහෘදයා)--ගීත් ඇත්තටම මම මේක ලියල ඉවර වුනාම මට ම හිතුන මේක ටිකක් අවුල් වගේ දෝ කියලා.ඒත් අවුල කොතනද කියලා තේරුනේ නැහැ,නිතරම එන්න වැරදි පෙන්නුවහම ඒව හදාගන්න ලේසි.ස්තුතියි අදහස් දැක්වුවට.

    ReplyDelete
  7. @ලහිරු ස්තුතියි ඇවිත් ගියාට.

    @Prabhath
    පුවරුවේ යතුරු නෙවෙයි
    මගේ සිතුවිලි එකිනෙක අමුණා
    කවි පද ලියවුනේ
    බොහෝ දෙන බලන නියා
    ස්තුතියි !!!!

    @Jayani ස්තුතියි!!..නිතරම එන්න .

    @Jayani

    ReplyDelete
  8. සිත් විලක ​පිපින්නට
    හිරු එළිය නුඹය මට
    ඝනදුරට එළය වන්.
    පුන් සදයි සිත් අහසතුල
    කියන් මට කුමරියේ
    පිදූ සෙනේ නුඹට මම
    මදියි නම් නුඹට එය
    පලා දෙමි මගෙ
    ළයත් නුඹටම

    ReplyDelete
  9. ලස්සනයි පබළුවෝ...

    ReplyDelete
  10. ake last line 1ta....,(kelesado meya maa pawasanne.....)mehema aawoth honda nedda....???? ah nettham..., OBE NAMIN MEYA LIUWEMI RAHASE.., qwanam eta wada hondai wage neda....???

    ReplyDelete
  11. ල(ක්)ස්සනයි පබලු

    ReplyDelete
  12. ඔය දෑස නිසා....
    සිත උමතු වෙලා....
    දහසක් පැතුමන් පැතුවා.....
    ඔය දෑත පතා....
    සිත සිහින පුරා.....
    සහසක් පෙරුමන් පිරුවා...

    ReplyDelete
  13. @Pasan ලස්සනයි පසන් ...
    නුබ දුන්න සෙනෙහස තරම්
    නුබ දුන්න ලෙංගතු කම්
    වෙනස් නොවුනත් සිතින්
    ඉන්න වෙලා මට නුබට දුරින්...

    @සෝරෝ ස්තුතියි !!!

    @Shasika අනේ මන්දා.ඒකත් නරකම නැහැ.ස්තුතියි!!!

    ReplyDelete
  14. @Raja තැන්කියු වේවා!!

    @Shadow/හේමලයා
    නුබ පිරුව පෙරුමන්
    නුබ පැතුව පැතුමන්
    ඉටුවනා දිනයක්
    දුර නොවෙයි කොහොමත්..

    ස්තුතියි !!!!!!!

    ReplyDelete
  15. I M Here..... Mulin Kiwwa Wagema Lassanai Aayeth..

    ReplyDelete