23.5.10

රන් තරුත් සැගවුනා හීන් සීරුවේ....









මල් පෙතිත් සියුමැලියි
මගේ හිතත් පිවිතුරුයි
හද හාවියේ....

රන් තරුත් දොඩමලුයි
නුබේ නෙතුත් පින්බරයි
ලියු කවිය නුබ ගැනයි
මගේ පෙම්බරෝ....

සද සිසිල තව දැනෙයි
නුබේ සුවද මට දැනෙයි
ලග පාත කවුරුවත්
නැති මායිමේ ....

නුබ ඇවිත් හිමි හිමින්
හිස සිම්බා හෙමින්
හිමි හිමින්
රන් තරුත් සැගවුනා
හීන් සීරුවේ....

පබලු

23 comments:

  1. නුඹෙ කවිය හරි හැඩයි
    හරි හැඩයි
    හරි හැඩයි
    හරි හැඩයි..

    ReplyDelete
  2. කවි සිතුවිලි වියලී ගොසින්
    වැඩ අධික වී ඇත
    නොමැත අන් නිදහසක්
    ඇත ගොසින් දින ගෙවී

    ඒත් මක් කරන්නද
    මූනු පොතෙනුත් කී නිසා
    මෙන්න මගෙ comment එක

    ReplyDelete
  3. ලස්සන පද ටික පබලු

    ReplyDelete
  4. Godak Lassanai A - - i. Wachana Walin Kiyanna Amarui... Kiyannam Lassanai Kiyala...

    ReplyDelete
  5. කියන්න දෙයක් නෑ ඉතින් වෙනද වගේම හරිම සුන්දරයි නියමයි පබලු

    ReplyDelete
  6. @ලහිරු
    ලියු කවියෙ හැඩ ගැන
    ලියු විදිය හරි හැඩයි
    හරි හැඩයි ...
    ස්තුතියි!!!

    @සහන් වැඩ රාජකාරි තියෙද්දිත් ඇවිත් කියවලා අදහස් කියල ගියාට ස්තුතියි !!!

    ReplyDelete
  7. @හා පැටික්කි (MS),Milan+S ,දිල්
    ස්තුතියි!! ඔය අදහස් මට හුගාක් වටිනවා

    @ Anonymous නම නොකියන්නේ ඇයි කියල නම් දන්නේ නැහැ.කොහොම වුනත් ස්තුතියි!!අදහ්ස් දැක්වුවට

    @Pasan ස්තුතියි!! කියවන්න හැමදාම.ඔය අදහස් නිසා දිගටම ලියන්න හිතෙනවා

    ReplyDelete
  8. කවිය කියෙව්වාම අතීතයට ගියා වගේ දැනුනා...
    කවිය ලස්සනයි අක්කියෝ.....

    ReplyDelete
  9. මරු නෙ කවිය

    ReplyDelete
  10. Anonymous,
    to Pabalu,
    Hamadaama Oya Blog 1ka Kiyawanawa.. Pabalu Digatama Karagena Yanna.. Asai Mama Oyage Kawi Walata....Uda Inna Anonymous Mamama Tamai......

    ReplyDelete
  11. nice... its really adorable. i like yo blog n its really rocking..

    Sith

    ReplyDelete
  12. "
    හිමි හිමින්
    රන් තරුත් සැගවුනා
    "

    වඩාත්ම හිත් ගත් පැදි පෙල

    ReplyDelete
  13. තරු එලිය
    හැංගිච්ච
    අළු පාට
    හැන්දෑවේ
    ඔය සිතින්
    ගැලපෙච්ච
    පද පේලි
    ලස්සනයි....

    ReplyDelete
  14. පබළු ලස්සනයි
    පබළුගෙ කවිත් ලස්සනයි
    මං හිතන්නේ ඒ වගේම
    හිතත් ලස්සනයි
    මැණික්(සුළඟ)

    ReplyDelete
  15. @හසී ස්තුතියි!!ලස්සන අතීතයක් මතක් වෙනකොට ඒකත් පුදුම තරම් සහල්ලුවක් නේද ?

    @හසිත ජයසූරිය ස්තුතියි !!!

    @Anonymous නම කිව්ව නම් තව වටිනවා.කොහොම වුනත් ස්තුතියි.හැමදාම කවි ලගින්ම ඉදී කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  16. @ RajaSliit ,RajithaOnline ස්තුතියි!!!

    @Sith thank dr

    @වැප් ස්තුතියි!!!
    රන් තරුත් සැගවුනා
    හීන් සීරුවේ....

    ReplyDelete
  17. @ජංජාල චාමර
    ලස්සනයි ලියු කවි
    අගයද්දි හරි අගෙයි
    දැනෙන මේ සිතුවිල්ල
    මහ මෙරක් සේ අගෙයි ස්තුතියි !!!

    @මැණික්(සුළඟ) ස්තුතියි !!

    ReplyDelete
  18. Wooow . . harima lassanai nage . .. !

    ReplyDelete
  19. ස්තුතියි දුකා අය්යේ...

    ReplyDelete