23.4.10

නුබට සිතින් පිදුව සෙනේ..


ගලන ගගක
සැලෙන ගසක
සිසිල රැගෙන
නුබ එන විට

මහද සිතුම්
සිතක පැතුම්
දලු ලා යළි
වැඩෙනා විට

නුබට සිතින්
පිදුව සෙනේ
නුබ ලඟ
ඔච්චම් වෙනවිට

මහද විලේ
පිපුන පියුම්
මැලවී යලි
බිම වැටුනම

සිත හැඩුවා
මම හැඩුවා
පරමල් සුවදක්
හැමුවා


පබලු

19 comments:

  1. සුන්දරම ආදරේ වෙලාවකට මහා වේදනාවක් උනාම අපිට කොයිතරම දුකක් දෙනවද ?

    සංවේදී පද පෙලක් පබලු

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දිල් සමග එකඟ වන්නෙමි

    ReplyDelete
  4. හමුවීම සතුටක් උනාට වෙන්වීම මහ වේදනාවක්.වෙන්වෙන වග දැන දැනම ලං වෙලා සිටීම ඊටත් වඩා වේදනාවක් කියල මට වඩා හොඳින් වෙන කවුරුවත් දන්නෙ නෑ. හැමදාම වගේ කවිය ලස්සනයි අක්කෙ. ඔයාගෙ අළුත් පෝස්ට් එකක් එනකම් බලාගෙන හිටියෙ.

    ReplyDelete
  5. පබලු
    හැමදාමත් ඔයා කවි ලියනව. අපි දකින්නෙ කවිවල විරහව විතරයි.. ඔයගෙ හිතෙ තියන දුකත්, වෙදනාවත් අකුරු කරනවා දකිනවා.. කවිය ලස්සනට බොහොම සුන්දරව සරලව ලියලා තියනවා කියලා මම කියලා යන්න කැමති නැහැ..
    මගෙ ඉස්සරා ඉන්නවා ඔයා වගෙම අපුරුවට කවි ලියපු ආදරෙ කරපු ගැහැණු කෙනෙක්.
    මම ගොඩක් දවස් ඉදන් ඔයාගෙ බ්ලොග් එක බලන කෙනෙක්..මගෙන් පුංචි ඉල්ලිමක් තියනවා.. ලියන්න මවු සෙනෙහස, දරු සෙනහස, පරිසරයෙ තියන සුන්දරත්වය ගැන කවියක්.. විරහව හදවතෙ තියෙද්දි එවා ගැන අකුරු කරන්න යද්දි හදවතට යම් සුවයක් දැනෙවි..
    ඔයා විදින වෙදනාවම, සමානව හො අඩු වැඩියව මමත් විදිනවා.. නමුත් අපෙ අනිත් පාර්ශවයට එ දෙ දැනෙන්නෙ නැත්නම් එක අපෙ කරුමෙ. අපි තවදුරටත් එ වෙදනාව විදින එක තෙරුමක් නැහැ. එක අපෙ මනුස්සකමට කරගන්න හානියක්..බලන් යද්දි අකුරු කරන කිපදෙනෙක් ඇරෙන්න හැමොමටම රිදිලා.. මෙගැන මෙනෙහි කරද්දි වෙදනාව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ නෙද..

    තමුන් ආදරෙ කරන කෙනාට වඩා තමුන්ට ආදරෙ කරන කෙනෙක් ජිවිතෙට ලං කරගන්න..

    අපිට ලස්සන කවි දකින්න ඔනා නිසා ඔයා හිතෙන් පොඩ්ඩක්වත් විදවනවා බලන්න අපි කැමති නැහැ.. මිතුරිය.. ලියන්න ලස්සනයි..

    ReplyDelete
  6. හැමදාමත් වගේම සිතට දැනෙන කවිපෙලක්. කවදාවත් නොලැබෙන ආදරය සදහටම මතකයක් විතරක්ම උනත්, ඒ මතකයත් හරිම සුන්දරයි නේද?.....

    ReplyDelete
  7. රවා කිවුවත් වගේ වෙනසක් දකිමුකො පබලු අක්කේ......

    ReplyDelete
  8. නියමයි........

    ReplyDelete
  9. විදින්නට ජීවිතය
    තරු‍ පොකුරු කැටි කර
    පුර හද නැතන් තනියට
    තරු පොකුරු හිනහේවි නුඹ වට

    ReplyDelete
  10. @දිල් , බිඟුවා...!
    සුන්දර වැඩි කමටමයි දුකත් වැඩි.වෙන්වීම දුකක් වුනාට ඒ ආදරෙ හරි ලස්සනයි.ඒ ලස්සනට මම තාම ආදරෙයි...

    @විහඟිගෙ සිතුවිලි
    නොලැබෙන දේ පස්සේ පන්න පන්න යන එකේ තේරුමක් නැහැ තමයි නංගා.ජීවිතේ මහා පුදුමයි.. වෙලාවකට සතුට දෝරේ ගලනවා.. තව වෙලාවකට ඒ දේ නිසාම දුක පිටාර ගලනවා..

    ReplyDelete
  11. @රවා
    හ්ම්..ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන,අපේ සිතුවිලි තේරුම් ගන්න පුලුවන්,ඒ සිතුවිලි වලට ආදරේ කරන කෙනෙකුට.ඒ බව මම හුගාක් හොදට තේරුම් අරගෙන තියෙන්නේ.

    අකුරු කරන නොකරන අය අතරින් හුගාක් අයට රිදිලා.සමහරුන්ට හොදටම රිදිලා.මටත් හුගාක් රිදුනා ඒත් මේ බ්ලොග් අවකාසෙට මගේ හිතේ තිබුන හැමදේම කවි වෙලා දිග ඇරුනට පස්සේ.ඒ වෙනුවෙන් හැමදාම මට හිත හදාගන්න එක වචනෙකින් හරි උදව් කරාට පින්.

    ReplyDelete
  12. @චන්දික මතකය සුන්දයි.දුක ගේන මතකය ජීවිතේ අසුන්දර කරනවා.

    @පොඩි මහත්තයා ඔව් ඔව් දකිමු දකිමු වෙනසක් ලගදිම

    @දුටුගැමුනු ස්තුතියි!!!

    ReplyDelete
  13. @Pasan
    හිනා වෙන තරු පොකුරු
    හැමදාම පායද්දි
    දැක්කේ නැ මේ තරම් හැඩ
    අද වගේ.....

    ඒ හැඩ අරගෙන ආපු ඔයා ඇතුලු අදහස් දක්වපු හැමෝටම මගේ ආදරනීය ස්තුතිය!!!

    ඔයාල හින්දා මම හිනාවෙනවා..
    ජීවිතය සතුටින් විදින්න හිතනවා.

    ReplyDelete
  14. /මහද සිතුම්
    සිතක පැතුම්
    දලු ලා යළි
    වැඩෙනා විට/

    බිඳුන පෙමක් නොමැතිය
    නැවතත් කිසි වට දළු ලන්නෙ
    දළු ලෑවත් අකලට ඒවා
    සැනෙකින් මැල වෙන්නේ
    නැව්ම් පෙමක් ගැන
    සිතුවොත් නැත සිත ඔත්පල වන්නේ
    හිතමු, හිතක් ඇති තැනකට
    හනිකට පියඹා යන්නේ....

    ReplyDelete
  15. සරලව කියාපාන ලොකු කතාවක්..අපූරුයි..

    ReplyDelete
  16. තවත් කෙනෙකුගේ වචන වලින්, හිනාවකින්, බලන බැල්මකින්, කරන කියන දේවල් වලින් උත්තේජනය වෙලා හදවතේ ගැඹුරුම තැනක ඉදලා ආපු හැඟීමකට "ආදරය" කියලා නම්ක් දාලා අපි ඒ කෙනාට ප්‍රකාශ කරනවා...

    ඒත් ඒ හැඟීමම ඒ කෙනාටත් නැත්නම්...

    ReplyDelete
  17. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
    ස්තුතියි!!
    අලුත් පෙමක් ගැන
    අලුත් හිතක් ගැන
    කොහොම හිතන්නද
    මගේ ලගවත් නැති
    මගේ හිත..

    @``` Outsider``` ස්තුතියි!!!

    ReplyDelete
  18. @මින්දද
    ඒ හැගීම ඒ කෙනාට නැත්නම් අනිත් කෙනාගේ අවාසනාව නොලැබිල්ලාව නේද ?
    ස්තුතියි!! අදහස් දැක්වුවට

    ReplyDelete
  19. ae mechchara lassanata virahawa vitharak liyawenne. blog loke inna okkoma boot kapu hari adaren lost wunu aya wagei. natnam lassana hitak, adahas tiyena ayata kawdawath hitana patana adarayak labenne nadda?

    ReplyDelete