9.4.10

හරි මහන්සියි


නින්ද අහලකටවත් නොඇවිදින්
ඇස් වලට හරි මහන්සි මගේ
සිතට නුබ නිතර ඇවිදින්
මගේ හිතට හරි මහන්සියි

හිස් අහස බලගෙන
නුබෙ රුව පෙනේදැයි
බලන් ඉදලාම
මට හරි මහන්සි

මගේ ලගට ඇවිදින්
මට ඉතිරි කර ගිය
දුක දරාගන්න බෑ
මට හරි මහන්සියි

පබලු

24 comments:

  1. සැහැල්ලුෙවන් ඒවත් ෙවන්න

    ReplyDelete
  2. දුක දරාගන්න පුරැදු වෙන්න ඕන නංගියේ.....

    ReplyDelete
  3. මහන්සයට හොඳම බෙහෙත විවේකය....

    ReplyDelete
  4. කදුලු පුරෝගෙන
    දෙනත අයා ගෙන
    හිතම වසාගත් පරණ ප්‍රේමයට
    යන්න කියනු මැන හිතම හදාගෙන

    හිස් අහසෙ
    ඔහුගෙ රුව නොව
    නෙක තරු රැසේ සුන්දර
    විදිනු මැන මුදු සිහින පුරෝගෙන

    ReplyDelete
  5. Although ur out of my life, i still love that dreams,love that times, love that words, love that smile because ur my life ...

    ReplyDelete
  6. ජීවිතේ කවදා හරි මහන්සිය නැති වෙන දවසක් එයි. එදාට අන් හැමදාටමත් වඩා මහන්සිය අත් හැරලා සිනාසෙන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  7. හිතේ මහන්සිය
    දුක සුසුම් පෙළ
    දියකර හරිමි කඳුලක
    ආයෙ කවදාවත්
    නොඑනු මැන මතකෙට...

    හැමදාම වගේ කවි ලස්සනයි අක්කෙ.. ඔයා නිතරම ලියන්න.. හැමදාම බ්ලොග් බලද්දි ඉස්සර වෙලාම ඇවිත් බලන්නෙ ඔය මොනා හරි අලුතෙන් ලියලද කියලා.

    ReplyDelete
  8. @Kanishka | කණියා හ්ම්... :) :)

    @ෙගාවිතෑන ඔව්.. හැමවෙලාවෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි උත්සහ කරන්නේ.ස්තුතියි!!! අදහස් දැක්වුවට

    @චන්දික ඔව්.. දුක සතුටින් දරාගෙන, සතුටින් විදින්න ඕන කියලා හිතනවා.ස්තුතියි!!! අදහස් දැක්වුවට

    ReplyDelete
  9. @Prabhath Darshana හ්ම්..විවේකය ...ඔව් දෙන්න ඕන හිතට විවේකයක්...

    @Pasan
    හැමදාම් අලුත් වෙන ..
    මතක අතරේ සැගවි ගෙන
    කෙසේ නම්
    අයින් කරන්නද ..
    පුස් නොකන
    පරණ නොවන
    මගේ ප්‍රේමය
    (පබලු)

    ReplyDelete
  10. @randimae හීන අපිව ජීවත් කරවන කොට අපි ඒ හීන වලට සතුටින් බැදෙනවා ..ඒකයි ඒ හීන බොද වුනත් අපි ඒවට ආදරෙ කරන්නේ සදාකලිකවම....

    @හුටපටයා ඔව්.. එදාට හිනා වෙමු ඇති වෙන්න හිනා වෙමු..

    @විහඟිගෙ සිතුවිලි- ස්තුතියි!! විහගි.මම ඉස්සර කවි ලිව්වෙ නිකමට ලියවෙන හන්දා.එත් දැන් කවි ලියන්නේ ඔයාල මගේ කවි වලට අගයක්,වටිනාකමක් දෙන හින්දා....

    අදහස් දැක්වු හැමෝටම හද පිරි ස්තුතිය!!!

    ReplyDelete
  11. මහන්සිය මැකී යන්න
    සිනහව රඟදෙන්න
    පාලුව වියැකෙන්න
    හිත තුටින් සැනසෙන්න
    මඟ බලා ඉන්න නෙත
    පුරා රුව ඇදී යන්න
    ඒ සිත ඔබ සොයා පැමිණේවි
    දිවිය සුන්දර වන්න......

    ReplyDelete
  12. ඔහුට හදින් සමුදෙන්නට බැහැයි කියා
    හදට තදින් දුක් දෙන්නට සිතනු එපා
    මගට ඉතින් එලියක් හද සොයනු නියා
    ඉගිල යන්න අත්තටු දෙක පියා සලා

    ජිවිතෙ ලැබීම් නොලැබීම් අතර අතරමං වෙන්න එපා. හදවතෙ තියන මහන්සියට නැවතත් අරමුණක් දෙන්න මගෙන් ආසිරි මෙන්න..

    ReplyDelete
  13. wow හරි ලස්සනයි, ඔයාට මාර හැකියවක් නෙ තියෙන්නෙ, මේක image එකක් වගෙ තිබුනනම් save කර ගන්නත් තිබුනා, අත්තටම ලස්සනයි

    ReplyDelete
  14. @punchisamanalee
    ලග ලගම ඇති කියා,
    තාම මග බලනවා
    දිනක නුබ එයි කියා
    හද සිනා සලනවා...

    නෙත් මඩල හඩවලා
    හීනයක් බිදෙනවා
    ලග ලගම ඇති කියා,
    තාම මග බලනවා
    තාම මම මග බලනවා...(Pabalu)

    @රවා
    ලැබෙන නොලැබෙන
    ලැබී නොලැබෙන
    හීන අතරින් වෙන්වෙලා..
    පාව යන්නට
    පැතු ආසිරි
    ගනිමි හද පිරි
    තුති පුදා...(pabalu)

    @born2post ස්තුතියි!!!ඔයාට මේක පින්තුරයක් විදියට ඕන නම් http://www.facebook.com/home.php?#!/group.php?gid=189930281867&ref=ts (Pabalu group)එකතු වෙන්න...

    අදහස් දැක්වු හැමෝටම ස්තුතියි!!!

    ReplyDelete
  15. බලන් හිටියා මදැයි දැන්

    ReplyDelete
  16. @කුමාරගේ පන්හිඳ-
    කොච්චර බලන් හිටියත් ඇති වෙන්න නැහැ.බලන් ඉන්න එකත් සතුටක් නිසා.ස්තුතියි!! අදහස් දැක්වුවට

    ReplyDelete
  17. බලාපොරොත්තුවත් හරිම ලස්සන දෙයක් පබලු.. මමත් කෙනෙක් එනකම් ඉන්නෙ.. එයා ජිවිතෙ කාලෙම නාවත් මට කමක් නැහැ.. හැබැයි මම ඉස්සර වෙලා ගිහින් දවසක පස්ස හැරිලා බලද්දි එයා අතරමං වෙලා හිටියොත් මට මෙ තියන පොඩි නින්දත් නැති වෙනවා.. මම මෙ තියන සැනසීමට හරිම ආසයි.. බලන් ඉන්න එක සතුටක් කියලා කියද්දි මට හිතට ආවෙ එච්චරයි...
    ඔයා මොකද කාලෙකින් මුකුත් එකතු කරලා නැත්තෙ වැඩ වැඩියිද...

    ReplyDelete
  18. මම කමෙන්ටු ටික නම්කියැව්වේ නෑ අද,
    නමුත් කව නම් ඉතා අගෙයි.

    ReplyDelete
  19. බිඟුවා...! ස්තුතියි!!!!1

    ReplyDelete
  20. ඈත්තටම එනකන් බලන් ඉන්න එක හරිම අපුරු තමඉ.
    හෑබෑඉ එන්නෙම නෑහෑ කියලා දෑනෙනකොට දුක අදු වෙන්නෑද්ද පබලු අක්කේ......

    - Ganga -

    ReplyDelete
  21. @Ganga
    දුක අඩුවෙනවා,ඒත් නැති වෙන්න නැහැ..
    හැබැයි බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා...

    ReplyDelete
  22. ආස දෙයක් බලන් ඉදිද්දි ඇස්දෙකට මහන්සි නෑ
    ආස දෙයක් කන විටදි රසදිවට මහන්සි නෑ
    ආස කෙනෙක් ලඟින් ඉද්දි ජීවිතේට මහන්සි නෑ....

    ReplyDelete
  23. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ස්තුතියි !!!
    අපි ආස දේවල් අපේ ලග තියනව නම් ජීවිතේ හරි සැහැල්ලුයි..

    ReplyDelete