29.3.10

හිත ඉඹින්න ආසයි මට


තනි මකන්න මම එන්නද
රන් තරුවක හැංගිලා
හිත ඉඹින්න ආසයි මට
ආදර තොල්පෙති තියා

දාස් පෙතියා මල් පොකුරක
සුවදේ මට සැඟවිලා
නුබේ ලගින් පාව යන්න
ආසයි පවනක් වෙලා


පබලු

13 comments:

  1. තනි මකන්න නුඹ එනකන්
    ඉන්නෙමි මම මග බලා
    වළාකුලෙන් වියන් සදා
    සනසමි දිවි ඈති තුරා

    දාස් පෙතිය මල් පොකුරක්
    නොවනු මැනවි නුඹ සදා
    මල් පොකුරම මැල උනාම
    මම තනිවෙයි දිවි පුරා

    ReplyDelete
  2. හිත තුල ගලන මුදු හැඟුමන් මතු වෙන්න
    හිත ඉම්බට මොකද ! යන්තම් නොරිදෙන්න

    ReplyDelete
  3. ස්තුතියි අදහස් දක්වපු හැමෝටම........

    ReplyDelete
  4. මල් පොකුරක හැංගිලා
    එක තරුවක හැංගිලා
    එනකම් ඔබ එනතුරා
    ඉඳීවි නෙත් නොපියවා...

    හරිම ලස්සන කවිය...

    ReplyDelete
  5. ස්තුතියි අදහස් දක්වපු හැමෝටම........

    ReplyDelete
  6. ස්තුතියි !!!ඊර්සියා වෙන්න එපා.ඔයා ලියන ඒව එක්ක බලද්දි මේව මොනවද ..?

    ReplyDelete
  7. හිත අද්දර තනි මකන්න
    එන්න හදට ළංවීලා
    පාට පාට දේදුන්නෙන්
    තොල් පෙති දෙක සරසාලා
    සමනලියක් වගේ හැඩට
    අත්තටු දෙක විහිදාලා
    සුරංගනා ලෝකෙට යමු
    සුන්දර ඉඟි බිඟි පාලා..

    ReplyDelete
  8. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
    ස්තුතියි!!!
    ලස්සනයි ඔයාගේ පිළිතුරු කවියත්..
    තනි මකන්න මම ආවම
    ඔබේ හදට ලං වෙලා
    සිත ඉඹින්න දෙනවද මට
    ආදර තොල්පෙති තියා...

    ReplyDelete