10.3.10

හිත අද්දර හීනයක් වෙලා ඇවිත්


හිත අද්දර හීනයක් වෙලා ඇවිත්
නෙත අද්දර කදුලක් නවතා

සුදු මැණිකේ නුබ යනවද
මගේ පෙම් හිත රිදවා

පෙරුම් පුරපු හැම කල්පෙම
ලඟින් ඉදන් මා සැනසු
සුදු මැණිකේ නුබ යනවද
දුක් කදුලක් නෙත රදවා

සුදු මැණිකේ නුබ ගියාම
නෙත රැදි කදුලෙහි උණුසුම
ගිනි කන්දට වඩා වැඩිවි
මගේ ජීවිතෙ අලු කරාවි

පබලු

16 comments:

  1. lassanai pabalu.....wade hodata karagene yanne....

    ReplyDelete
  2. කව්යනම් හරිම ලස්සනයි.......

    ReplyDelete
  3. kaviya kaviyak hatiyata hodai,godak hodai. mata tiena prasnaya mekai,ada tharunayage hitha addara tienne ganiyak issaraha hotu peragena adana hati witharamada? tharuna pelata issella konda kelin karaganna hati kiala denna,eta passe un kawada hari adanne natiwa love karai,sudu menike uwa atharina ekak na, hakiyawa oba sathui, sada jaya
    sumedha(fb)

    ReplyDelete
  4. සුදු මැණිකේ නුබ ගියාම.........??

    ReplyDelete
  5. සුදු මැණිකේ නුබ යනවද
    මගේ පෙම් හිත රිදවා....

    ReplyDelete
  6. සුදු මැණිකේ නුඔ වෙලා
    කදුලු බිංදු නවතලා
    ඇය දැන් ඇත නැවතිලා
    යන්නැහැ හිත රිදවලා

    ReplyDelete
  7. නම නොකිවු ඔබට/ඇයට හා chanaka asela s ස්තුතියි!!!!

    @sumedha(FB)
    කවිකරිගේ කවිය කවියක් විදියට ලස්සනයි කිව්වට,ඒ වගේම ඔයාගේ අදහස දැක්වුවට ස්තුතියි.
    ඔයා හිතනවද සුදු මැණිකෙලා නිසා හැමදාම කොල්ලො හොටු පෙරාගෙන අඩනවා කියලා.එත් ඔයා දන්නේ නැතුව ඇති අපේ රටේ කෙල්ලො ආදරේ කරන්නේ බඩේ පපුවෙ බැදගෙන කියලා.මේ සුදු මැණිකේ යන්න හදන හේතුව නොදැන සුදු මැණිකෙට වැරදි කියනවට මම නම් විරුද්ධයි ඔන්න.
    ආදරේදි දුක දැනෙන්නේ නියම කෙනා මුණ නොගැහුනාම.අපේ කොල්ලන්ට කෙල්ලන්ට මට නම් කියන්න තියේන්නෙ ආදරෙදි හදිසි වෙන්න එපා කියලා.නැත්නම් මුලු ජීවිතේටම ඉතුරු වෙන්නෙ කදුලක්,දුකක් විතරයි.

    ReplyDelete
  8. @සහන් සුදු මැණිකේ ගියාම නම් ඉතින් දුක තමයි....

    @දසුන් මධුසංඛ වානගුරු
    සුදු මැණිකේ කිව්වේ මටද..? හේ.. හේ..කොහේ යන්නද අනේ හදාගත්ත පැල දාලා

    @Pasan
    සුදු මැණිකේ වෙත,
    හිත රිදවලා යන්නේ නැහැ කියලා නැවතිලා, ඔහුගේ හිත සනසලා, ආයිම ඔයාගේ හිත රිදවගන්න එපා.
    මීට ආදර
    පබලු

    ReplyDelete
  9. අදයි මේ බ්ලොග් එකට ගොඩ වැදුනෙ.ලස්සනයි මේ නිර්මාණ. සුබ පැතුම්.

    ReplyDelete
  10. වැහි පබලු වැටි.. ඉඟි කරනා හැටි...
    පබලු කාලෙකින් මෙ පැත්තට ආවෙ... කො ඔයා ඉන්නවද...
    නිර්මණය ලස්සන යි .... හැමදාමත් වගෙ ඔයා අදත් .... ලියලා...

    ReplyDelete
  11. සුදු මැණිකේ වෙත

    නුඹට ලං වීමට බැරි නම් එපා ඔහුට නුඹේ වත පෙන්නන්න
    එය ඔහුට දරාගත නොහැකි දුකක් වේවි

    ඔහු නුඹට දුකක් නම් ආපසු හැරෙන්න එපා යන්න ගිය ගමන ​දිගටම යත්ත ජීවිතය ගොඩක් දුරයි.

    මීට ආදර
    පසන්

    ReplyDelete
  12. එහෙම හිතන්න එපා ජීවිතේ අලු වෙන්නේ නැ අපිට තව දුර යන්න තියෙනවා

    ReplyDelete
  13. @Raven ස්තුතියි!!සාදරයෙන් පිළිගන්නවා ඔයාව..නිතරම එන්න කියලත් ආරාධනා කරනවා..

    @රවා හැමදාම වගේ අදත් ඔයා මාත් එක්ක ඉන්නවා ස්තුතියි!! රවා

    ReplyDelete
  14. @Pasan වෙත
    "ඔහු නුඹට දුකක් නම් ආපසු හැරෙන්න එපා යන්න ගිය ගමන ​දිගටම යත්ත ජීවිතය ගොඩක් දුරයි"
    සුදු මැණිකෙට මම කියන්නෙත් ඔය ටිකම තමයි.
    මීට
    පබලු

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය-හ්ම්..හිත මැරුනට අපි මැරෙන්නේ නැ..

    ReplyDelete
  15. ආයෙත් පබලු බැරිද අපිටත් එක් වෙන්න ඔයාගේ දුක බෙදා ගන්න

    /බිඟුවා...!

    ReplyDelete
  16. MAGE SUDU MANIKETA KAWDWATHMA OKA THERUNE NAH AKKIO

    ReplyDelete