14.12.09

යන්නටම යන්නෙපා මේ තරම් රිදවලා .........


සනසන්න නම් එපා හිත මගේ තව තවත්
වෙන් වෙන්න ඕන නම් වෙන්වෙන්න ඔබ මගෙන්
තනිකමට හුරුවෙන්න බැරි උනත් මට ඉතින්
විදගන්න බලන්නම් වෙන්වීම නුබ මගෙන්

ආත්මෙන් ආත්මෙට මා ඔබේ කියු ඔබ
යන්නටම යන්නෙපා මේ තරම් රිදවලා
මට ආදර කියා දුන් නුබම අද
විරහවද කියා දෙන්නේ ඇයිද මට

සැනසෙන්නේ නුබ නැතුව කෙලෙසකද මම
තවත් ඉවසන්න නම් බැරිය නුබේ නැතිකම
ඉදින්, මා එපා මුත් නුබට
ඉඩ දෙන්නේ කොහොම මම
නුබ නමින් දුක විද

පබලු

8 comments:

  1. ලස්සනට ලියලා තියනවා. විරහව , වෙදනාව හැමදෙයක්ම අපිට පොදුයි. මිනිස්සු හරිම ආත්මාර්තකාමියි. එ කෙනාට බනින්නවත් හිතෙන්නෙ නැහැ නෙද..?. ලියද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නෙද.. තව කෙනෙක් එක අගය කරද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නෙද..? ඔයාට තේරුම් ගනී. ඔයා තනිවෙලා නැහැ කියලා. ඔයා වගෙ තව ගොඩක් කට්ටිය ඔය දුක විඳිනවා. මිනිස්සු හැමදාම හොද දෙ හොයන්නෙ. නමුත් කවදාවත් හම්බවෙන දෙයක් නෙමෙ එක. තෙරුම් ගන්නකොට ගොඩාක් පරක්කුයි.

    ReplyDelete
  2. "සනසන්න නම් එපා හිත මගේ තව තවත්
    වෙන් වෙන්න ඕන නම් වෙන්වෙන්න ඔබ මගෙන්"

    කිව්වාම ඒක නම් මගෙ හිතට තදින් වැදුනා...
    දාල යන්නත් ඕනෙ වෙලා
    සනසන්නත් එනකොට දැනෙන දුක තමයි දරාගන්න බැරිම..
    කියලයි මටත් හිතෙන්නෙ..

    ReplyDelete
  3. එළ එළ අක්කේ.ඔහොම යං.

    ReplyDelete
  4. අක්කා ගාල්ලෙද?මමත් ගාල්ලේ.

    ReplyDelete
  5. නියමයි...ලස්සනට ලියලා තියෙනවා, දුක වුනත්

    ReplyDelete
  6. @රවා ravaa
    ස්තුතියි!! හිතේ තියන දාහක් දේවල් වචන වලට ගලපලා සතුටු වෙනවට වඩා ඈ ගැන කවුරුහරි හොද නරක කිව්වහම ,ඈ දුක සතුට බෙදාගත්තහම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනව ඇත්තටම....ඔව් ඇත්ත මිනිස්සු හැමදාම හොයන්නෙ හොද,ඒත් නොලැබෙන්නෙත් ඒකමයි.එහෙමයි කියල මෙ ජීවිතේ ඇතැරල යන්න පුලුවන් කමකුත් නැ....

    @ chejana
    සනසන්න නැවිත් නොකියම ගියා නම්..ඒකත් දුකක් නේද….. ?බැදීම් වැඩි වෙන තරමට දුකත් වැඩි වෙනවා.ජීවිතෙ හැටි එහෙමයි..

    @dhukaa
    ස්තුතියි!!

    @ Express (දිලංක මාධව
    හ්ම්..තැන්ක් යු වේවා!! මල්ලි..මමත් ගාල්ලෙ…

    @ LG
    ස්තුතියි දුක ලියල සතුටු වෙන්න පුලුවන් එකත් මහා පුදුමයි නේද ?

    @ ජනුක
    ස්තුතියි!!

    ReplyDelete