4.12.09

නොලැබුන මුත් පෙම ම' අතින් ගිලිහුන....?


හිත තුල ඉකිලන
පෙරදින මතකය
රිදවනවා මා හිත
ඔබ සිහිකර...............
පාවෙන සුලගේ
සැගවී එන්නට
සිතුනෙමි දවසක්
ඔබගේ වෙන්නට...........
දෑගිලි නොබැදුනි
පෙරදා දුටු සේ
හිත ඔබ ලඟ
තනිවී ඇත දුකසේ..............
ළංවී සිහිනෙන්
නුබ ලග රහසේ
ඉන්නම් මම හැමදාමත්
පෙර පැතුසේ...........

ලියවුනු කවියකි ම' අතින් පබැදුන
සිහිනෙකි ලංවුන ම' හදේ ලියවුන
සතුටකි ඉන්නට හැකිනම් නුබ ලඟ
නොලැබුන මුත් පෙම ම' අතින් ගිලිහුන....?

පබලු

3 comments: