21.10.09

නෑවිත් ලඟට ඔබේ - ඈතින් ඉන්න කියයි


ඔබ මට යන්න කියයි
නොපෙනී ඉන්න කියයි
නෑවිත් ලඟට ඔබේ
ඈතින් ඉන්න කියයි
සිඳ බිඳ සියලු බැමි
හිත ඔබටම දුන්නේ
ආදරණීය හැගුම්
අරගෙන මම එන්නේ
ලෙංගතු සෙනෙහෙ බැදුම්
ඔබ හිත රිදවයි නම්
ම'හිතට හඩන වරම්
දී ඈතින් ඉන්නම්
ශ.කු.වි.

6 comments:

  1. හ්ම් දුකයි තමයි..

    ReplyDelete
  2. ඔහු කියන පලියට
    කරන්නෙ කුමටද..
    ඔහුට ඔබ එපා නම්
    එපා ඔබටද ඔහුව විය යුතු..

    නමුත් ප්‍රේමයේ හැඟුමන් විසින්
    සිතේ ඇති කළ ගිනි දුකින්..
    සිඳුනු බැමි සිත දරන්
    හඬන්නේ නුඹ ඉකි බිදිමින්..

    ReplyDelete
  3. එක වරක් ඔබට මා...
    එපා නම්...
    සිය දහස් වාරයක්..
    එපා මට ඔබ එපා...

    ආදරේදි එහෙම හිතන්න අමරුයි පොඩි මහත්තයෝ..

    ReplyDelete
  4. @මනුශාන් ඔව් මේ කවියට මමත් හරිම කැමති.ශාන්ත කුමාර විතානයන් ලියපු කවියක්.ස්තුතියි!!!

    ReplyDelete