17.10.09

පිරිමියෙකුගේ ප්‍රෝඩාවට හසු වුනෙමි.......... රැවටුනෙමි..........


පිරිමියෙකුගේ ප්‍රෝඩාවට හසු වුනෙමි..........

රැවටුනෙමි..........

ජීවිතය අපායක් කරගත්තෙමි..........

වරද ඔහුගෙද..........

ඔහුව ජීවිතය කරගත්..........

මගේ මෝඩ හදවතද..........

14 comments:

  1. සිත නම් ඉන්ද්‍රජාලිකයා...
    මවා පෙන්වූ රූපය....
    හොඳයි හොඳයි යැයි..කියා පෑ සංඥාව
    ඒ නිසා හටගත් සුඛ වේදනවා..
    ඒ නිසා හටගත් චේතනා සිතිවිලි
    ඒ තුල බැසගත් හෙයින්
    තන්හා පච්චයා උපාදාන උපාදාන පච්ච්යා භව..
    ඉපදුනා භවයක..
    හටගත් සියල්ල අනිත්‍ය වන විට
    කැමති ලෙස පවත්වන්න බැරි කොට
    දුක පහලවිය..
    ඔහු වැරදි නැත..ඔබ මෝඩ නැත..
    සියලු සංස්කාරයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණි.

    ReplyDelete
  2. හේම ජයන්ත,

    ඇත්තටම මුල් නිසදැස සේම ඔබගේ පිළිතුර අලංකාරයි.

    ReplyDelete
  3. ඒකට හරි උත්තරයක් දෙන්න හරි අමාරුයි..නේද?

    ReplyDelete
  4. මෙක කොහොමද ?

    රැවැත්තියකගේ රැවට හසුවුනෙමි
    හසුවූ රැවටම බැඳි සිටියෙමි
    බැඳි රැව මටද හසුවිණි
    දෙදෙනාම මෙ ලොවට හසුවී
    ගසාගෙන යයි සසර බැමි මැද !!!

    ReplyDelete
  5. නිසදැස් 2 ම ගොඩක් ලස්සනයි.

    මගේ අදහස,

    ඔහු සිත වැරදියි...
    ඔබ හද මෝඩයි...

    ReplyDelete
  6. කොල්ලෝ වගේම කෙල්ලොත්......................

    ReplyDelete
  7. @හේම ජයන්ත කොළඹගේ,,

    ඔහු වැරදි නැත..ඔබ මෝඩ නැත..
    සියලු සංස්කාරයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණි....
    ඔබේ අදහසට හිස නමා ආචාර කරනවා..වැරදුන තැන නවතිලා ඉන්නේ නැතුව අලුතින් හිතන්න පටන් ගන්න පුලුවන්

    @Sagara ස්තුතියි!!!

    @malee_msg ඒකට හොදම උත්තරය හේම ජයන්ත කොළඹගේ දීල තියනව නේද ???

    ReplyDelete
  8. @වැප් රුවට පෙම් නොබැද හිතට පෙම් බන්දා නම් ..

    @Ravimal අදහසට ස්තුතියි!!

    @Iahiru777 ඔයා බොහෝම කෙටියෙන් හුගාක් දේවල් කිව්වා වගේ..ඇත්ත ඇත්ත කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් බොරු කරනවා...

    ***කමෙන්ට් කරපු දයාබර මිතුරු මිතුරියන්ට සෙනෙහසින් තුති පුදමි***

    ReplyDelete
  9. රොමැන්ටික් ආදරය... කොහොමත් ප්‍රෝඩාවක් තමයි.

    ReplyDelete
  10. @ශාකුන්තල ආදරය රොමැන්ටික් වෙන්නත් ඕන ... එත් ප්‍රෝඩවක් නොවී...ස්තුතියි!!!!!!

    ReplyDelete
  11. ආදරනීය රැවටීමකින්
    නොයිඳුල් හද කකියවාලූ
    ඔහුද වැරදිය,
    ඔහු නොහඳුනාම
    දිවිය ඔහු කරගත්
    ඇගේ හදද මෝඩය..

    ReplyDelete
  12. @පොඩි මහත්තයා බුද්ධියට වඩා හදවතට මුල් තැන දුන්නහම ඔහොම වෙනවා
    ස්තුතියි !!!!

    ReplyDelete
  13. Like To See You Some Day.....................
    Nice Words...............

    ReplyDelete