15.10.09

කදුලු බිඳුවක්


කදුලු බිඳුවක් විය
නුබ මට
මන්ද,
ඇසෙහි ඉපදී
එහිම නොරැදී
ගලාගෙන ගිය නිසාවෙන්...

මගේ කවි

8 comments:

  1. ගැලූ කඳුලු බිඳුවට
    සතුටු කඳුලක් එක්කරන්නට
    කියවු පද පෙළ
    මහත් සේ උදවි විය

    ReplyDelete
  2. කඳුළු ගලාගෙන නොගිහින් ඇහේ රැඳුනම ඒක ඊට වඩා අමාරුයි

    ReplyDelete
  3. අදහස ගොඩක් ලස්සනයි. "ම" කියන එකත් එක ඇත්ත.

    නෙතින් සැලුන කදුලු බිංදුව
    සැනැහුවා නුඹ මා තැවුල් සිත
    සිනහවක් ණයයි මා නුඹට
    යළි නෙතගින් පැන
    අලුත් ලොව දකින්නට

    ReplyDelete
  4. @වැප් ස්තුතියි!!!

    @ම & @Ravimal ඇත්ත! උරුම නැති කදුලු ඇහේ තිබිල වැඩක් නැහැ...

    .........සතුටට ගලන කදුලු වලට වඩා
    දුකට ගලන කදුලු හරිම උනුසුම්.......:D

    ReplyDelete
  5. ගලා ගිය කඳුලු බින්ඳුව වෙනුවට තවත් කඳුලු බින්ඳුවක් ඇසේ උපදීවි...

    ReplyDelete
  6. @ පොඩි මහත්තයා එදාට ඒ කදුලුත් ගලාගෙන යාවි >>>

    ReplyDelete
  7. "ගලාගෙන ගිය හින්දා"
    කිව්වනම් තවත් හොදයි වගෙ


    geethge.blogspot.com

    ReplyDelete
  8. @ගීත් ස්තුතියි!! අදහසට

    ReplyDelete