13.10.09

ඔබ කැමතිය - මා අකමැතිය


ඔබ කැමතිය - මා අකමැතිය
මා කැමතිය - තවමත් ඔබ මටම කැමතිය
මට දුකය - ඔබටද දුකය
ඔබට දුකය - තවමත් මට දුකය
ඔබට මට දෙදෙනාටම දුකය
ඒත් අපි දුරය . . . . .

සදා රැදෙමුය - නමුත් නොහැකිය
ළංවී සිටිමුය - එයද බැරිය
වෙන්වන්නද බැරිය - වෙන්වී ඉන්නද බැරිය
මිය යන්නද බැරිය - ජීවත් වන්නද බැරිය
අපි ආදරේය - සදා කල්හිම
නමුත්
එක්වන්නද - වෙන්වන්නද බැරිය . . . . .

මගේ කවි

8 comments:

  1. ඔබ ලිව්වේ - මා කියෙව්වේ
    ඔබට දුක නැත - සටහනක් දැම්මේ

    ඔබ තව තවත් ලියන්නේ - මා නැවත නැවතත් කියවන්නේ

    නියම පද පෙළ!!

    ReplyDelete
  2. lassanai digatama liyanna......

    ReplyDelete
  3. @වෙප්
    සටහනක් දැම්මේ - ඔබට තුති පුදන්නේ
    ඔවැනි සටහන් නිසයි - මා දිගට ලියන්නේ

    @Little Star-මධු
    මාව දිරිගන්වනවට බොහෝම ස්තුතියි! ! !

    ReplyDelete
  4. අලුත් ආරක කවි සිතුවිල්ලක්....නියමයි..දිගටම ලියන්න...

    ReplyDelete
  5. ලස්සනයි නංගා
    දිගටම ලියමු.......

    ඔබ
    ලොකු
    දුරක
    මම
    ලොකු
    දුකක

    ReplyDelete
  6. @පොඩි මහත්තයා නිතරම අලුත් විදියට ලියන්න උත්සහ කරනවා..මාත් එක්ක ඉන්නවට ස්තුතියි !

    @කරුමක්කාරයා හ්ම්ම්,,, ස්තුතියි!!

    @Supun Budhajeewa එළස්! එළස්! හික්ස්! හික්ස්! ස්තුතියි!!

    @දසුන් මධුසංඛ වානගුරු ස්තුතියි!!!
    ඔයාගෙ
    ඔය ලොකු දුක...
    ඉක්මනටම
    දුරු වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා...

    එක වචනෙකින් හරි මාව දිරිමත් කරනවට, මගේ වැරදි පෙන්වල දෙනවට හැමෝටම ස්තුතියි!! දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා>>>

    ReplyDelete