31.1.11

නෙත් පැතුව ඔය රුව ළගම හිනහුනා

ත් පාට රහසින් 
සිතේ පායලා
සිත් දෑල අහසේ 
සිතුම් එලිවුනා
මල් පාට පැතුමන් 
හෙමින් ගුලිවෙලා
නෙත් පැතුව ඔය රුව 
ළගම හිනහුනා

රළ ගේන සිඳු රජ 
නොසන්සුන් වෙලා
ළා පාට හිරු රැස් 
හෙමින් දඟ කලා
සිත ගාව නැවතී
හෙමින් මුමුණනා
මා පැතු ඔය හඩ 
සවන් සැනසුවා

පබලු

ප/ලි

ජිවිතේ අමතක නොවෙන දවසක් වෙනුවෙන් 31/01/2011
ප/ලි
මහා බස් බ්ලොග් සතියේ අවසාන දිනය 

30.1.11

පියාඹන දිනක් වෙනුවෙන්


මටත් ආසයි පියාඹන්න
අහස පුරාම.....
මටත් ආසයි
නොදැකපු දෙවල් දකින්න
නොවිදපු දෙවල් විදින්න

දවසක මම නිදහස් වෙනවා
ඒත් ඒ වෙනකොට
කාලය .............??
මටත් වඩා වේගෙන් පියඹලා තියේවි

එදාටත් ඉතුරු වෙන්නේ
පසු තැවිල්ලක්
දුකක් වුනොත්....?

මුලු ජීවිතේටම
මම නිදහසේ
සැහල්ලුවෙන් හිටපු
එකම එක දවසක් වත්
නැති වේවි..... 

පබලු

මහා බස් බ්ලොග් සතියේ හත්වන දිනය