2.12.17

තව දිනක්...මේ නැවතුමක්..,



මල් පිපෙන වසන්තෙක
නුඹ පරව යන හැඩක්
පින් පුරන බැදීමක
නැවතුමක් ..මේ සැඳෑවක්...

කල් ගෙවෙන ආත්මෙක
පිවිතුරුම කාව්‍යක්
නුඹ සමග ගෙවන මේ
තව දිනක් ... මේ නැවතුමක්..,

විශ්වයේ ගීතය ට
සවන් දී ඉමි තවත්
කලෙක හමුවුන උන්ම මේ 
ගෙවෙන්නේ වෙන්වෙන දිනක්

පබලු

0 comments:

Post a Comment