18.12.17

පිබිදෙන්න මට


සද පාය ලා තමයි.
හිත ඒත් කලුවරයි..
නුබ නැතුව ගෙවෙන රැ
නොහිම් තනිකම දැනේ

කඳුලු නෙතු අගිසි යට
හිත කීරි ගස්සවයි
පාලු මැදියම පවා
නුඹ මතක හද රැදේ

නැවත පිබිදෙන්න මට
නුඹ එන්න අඳුර බිද
අසංක්‍ය කල්පයක්
පිං පුරමු එකට හිඳ

පබලු
(2014)

2.12.17

තව දිනක්...මේ නැවතුමක්..,



මල් පිපෙන වසන්තෙක
නුඹ පරව යන හැඩක්
පින් පුරන බැදීමක
නැවතුමක් ..මේ සැඳෑවක්...

කල් ගෙවෙන ආත්මෙක
පිවිතුරුම කාව්‍යක්
නුඹ සමග ගෙවන මේ
තව දිනක් ... මේ නැවතුමක්..,

විශ්වයේ ගීතය ට
සවන් දී ඉමි තවත්
කලෙක හමුවුන උන්ම මේ 
ගෙවෙන්නේ වෙන්වෙන දිනක්

පබලු

20.11.17


කියා දෙන්න මට
හදාගන්න හිත
දරාගන්න මට
දැනෙන මේ දුක

හුස්ම පුරාවට
රදන සුසුම් වල
ඇවිලි ඇවිලි
නිදන හැගුම් වල
නුබම පමනක් 
රැදෙන මොහොතක
කියාදෙන්න මට
හදාගන්න හිත
දරාගන්න මට
දැනෙන මේ දුක

පබලු

04/11/2017
9.45pm

2.3.13

අප අප නමින් රඳනෙම්



සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන
මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ

ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප

හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ  මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්

පබලු
( 23-02-2013 )

12.2.13

මල් සිහින මුව මතින් විහිදිලා යතී.....





සඳ මඬල අහස් කුස 
පාලු කර විත් 
යහන මත ගුලිවෙලා හිදී.....

සිත් මඬල එකළු කර 
මව් පදවි ලැබ
තරු කිණිති නෙතඟින් බලා හිදී.....

තුරුහිසක හිද දසත 
රැව් නගන බිඟු නද පුරා රැදී.....
මල් සිහින 
මුව මතින් විහිදිලා යතී.....
දරු සිහින දුටු හිතම 
සඳ ඇවිත් වෙලාහිදී......

පබලු

30.1.13

ගත වැකී ගිය සුලඟ නුඹ වැනි


සිනහවකි නුඹ මගේ මුවග රැදි
ස්නේහයයි නුඹ මගේ සිතම බැදි
ලං වෙමින් ළඟ ළඟම නිති 
ගත වැකී ගිය සුලඟ නුඹ වැනි

සඳ සිසිල නුඹ මැදියමේ විදි
පිණි බිඳයි නුඹ සිත් මලේ රැදි
ළංවෙමින් මගේ සිහිනවල නිති
රළ පෙලයි නුඹ වෙරළ සිඹ ඇදි

මල් මිටයි නුඹ සුවද ගෙන පිපි
තුරු හිසයි මම නුඹට පෙම් බැදි
බට ගසකි නුඹ සුළඟටත් නැමි
නුඹ එක්ක දුර යන්න මට බැරි

පබලු

12.12.12

සෝම හිමියණි,


පිපාසිත බොදු සිත් සතන් 
තෙමාලු සිසිල් ජලකඳ 
අඳුරු වූ සිත් වලට 
ප්‍රඥාවේ අලෝකය රැගෙන ආ
සඳ මඬල
මහා කරුණාවෙන් ලොවක් සුව කළ
වෙද ඇදුරිඳුන්
බුදු සිහිලෙන් 
බොදු දනන් පුබුදු කල
නුවණ පහන නිවුනා

පබලු


සෝම හිමියණි, සිහළ දේශයට යළි පුනරාගමනය කළ මැනවි!




ප/ලි
2003 -12-12 නිවුනු නුවණ පහන සෝම සමිදාණන් වෙනුවෙන් .

මගේ තනිකමේ 100 පෝස්ට් එක.අවුරුදු 3ක් විතර ගියා මේ 100 පුරන්න.

විශේෂ ස්තුතිය යොහාන් කණිෂ්ක  මලයට.මේ වචන ටික දාල හදපු බැනර් එකේ පින්තූරයක් තමයි ඔය උඩින් තියෙන්නෙ .


                                                                               (මීරිගම ටව්න් )

22.9.12

නෙත් තදින් පියාගමි..




ඇවිද යමි මම දුරින් දුරට
නුඹ නොපෙනෙනා මානයේ නවතිමි.........
අකීකරු සීතල සුළං රැළි
ගත වැකී රිදවා දුරට යති
දුරම නවතිමි නො එමි යළි
හිත රිදවා ගනිමි තවත්...............

අන්ධකාර රෑ පුරාම 
තරුත් නෑ තනි නොතනියට
තවත් හිත රිදවගමි...............
නෙත් තදින් පියාගමි..................
නුඹ නො එනු මවෙත  නම් 
මම තවත් දුරට යමි......

නුඹම සතු  නොවුනමුත්
සිතින් ඈ අයිතිකර......................
අසම්මත පෙම්කවක අකීකරු අකුරකින්
තවත් හිත රිදවමින්
නුඹ නො එන් කෙදිනවත් 
මම තවත් දුරට යමි..................

පබලු

25.7.12

ළය පෑරී .....


ළය පෑරී ගලනා 
කඳුලු බර වැඩියි.......
සඳ නෑවිත් හෙලනා 
සුසුම් සැර වැඩියි.......

ළය කැලතී පිපෙනා
හැගුම් දුක පිරි.......
නෙත හිනහී විදිනා 
උණු කඳුලු මල් වැහී.......

පබලු

10.7.12

නිහඩ වුනි මම කිසිත් නොකියාම


සිත මතින් ගලාගිය 
නුඹ උණුහුමේ සිසිලස
වසාගත් දෙනෙත් මත නැවතුනත් 
ඉකුත්ව ගිය කාලය පුරාවට 
මුළු හිතම වසාගත් 
ආත්මීය සිසිලස නුඹෙ නිසා
නිහඩ වුනි මම කිසිත් නොකියාම 
ගලන්නට ඉඩ දී 
නුඹෙ ආදරණීය ආදරයට 
මගේ සිත මතින් තව තවත්.....

පබලු

3.7.12

ප්‍රේමයේ ඵලදරා


පාවෙනා වළාකැටි
ප්‍රේමයේ පැහැය වැද
සැන්දෑ වේ අහස් කුස
රනින් දිලෙන සොඳ
මෝරනා පෙම් පැහැය
වළාකුළු අඳුරුකර
විටින් විට පායනා
තරු වලින් එළිය වෙන සඳ
සුවහසක් තරු කැකුලු
පුදිමින් අහස් කුස
ප්‍රේමයේ ඵලදරා
අරුණකින් යළි එලියවෙන සොඳ

පබලු

8.6.12

හදවතේ මැද


කෑ ගගහ මගේ හිත හඩනකොට
නොදැනෙනවා වගේ ඉන්නේ කොහොමද
නොහැගෙනා ඔය හදවතේ මැද
තව තවත් මම ඉන්නේ කොහොමද

සඳ දියේ වැද සඳ එලිය විද
පෙම් විලේ වෑද පෙම් සිහිල විද
මගේ ලොවේ හිද ලොවම එළිකල
කුමරුනේ මම යන්නේ කොහොමද

මල් වලින් සැදි මල් වියන් මැද
නුබට තුරුලුව උන්නු කාලය
සිහිව ලතවෙමි රැ දොළොස් පැය
හඩන සිත යළි වේද විකසිත

පබලු

15.5.12

ම'සිතින් විදිමි අද ....


දිගහැරෙන තුරු පෙති එකින් එක
කල්පයක් වුව හිදීමි මම
ඉන් විහිදෙන අපමණ සුවද
එදිනට විදිමි මම
ඉන් මැවෙන අපමණ සොදුරුබව
ම'සිතින්   විදිමි  අද  ....

නිලබර දගකරන ඔය ඇස්
නිරතුරු සොයමි මම
මද පවන ගෙනෙන නුඹ උණුහුම ,
සිසිලස විදිමි මම
ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...

පබලූ



1.3.12

කඳුලු කතාවම නිමාවුව මැන


වසන්තයේ පිපි සැලුන මල්
නටු අගින් ගිලිහි බිම වැටෙන සඳ
දෙ ඇස් පියන් යට සැඟව ගුලිවුන
කඳුලුමල් වැහි බිමට වැටෙන සඳ

ඔබෙන් දුරකට යන්න නොහැකිව
මගේ හද වැලපෙනා අඳුරක
ළඟට ඇවිදින් නළල සිඹිනු මැන
මගේ පණනල මියෙන මොහොතක

සැඟව යන මගේ හිනා මුව මත
නුඹේ සුසුමන් පතිත වුන මැන
නිමක් නැති එක පෙම් කතාවක
කඳුලු කතාවම නිමාවුව මැන

පබලු

24.2.12

බලාපොරොත්තුව



අවසාන තීරනය 
ලැබෙන තුරු නො ඉවසිලිව 
බලා ඉමි ....

දුක් සුසුම් ක්ෂනයකින් 
මැකී යනු නො ඉවසිලිව 
බලා ඉමි...

බලාපොරොත්තුවේ මල් 
පිපි ලෙලදෙනු රිසිව 
බලා ඉමි ...
බලා ඉමි...
මම මඟ බලා ඉමි...

පබලු

16.1.12

ගුරු ගීතය කියෙව්වේමි

සිතුම් විල් තුල කිමිදි 
සොයමි මඟ හැරුනු නුඹව......
පහන් කණුවක් ලෙසින් පෙරදී
පාර පෙන් වු නුඹව......
මූසලම අතීතෙක 
සුවද දුන් එකම කුසුම...... 
දුයිෂේන් නුඹයි මගේ
දකින්නට නෙත් පෙරුමන් පුරන......
මිහිරිතම ගීතය නුඹයි
මගේ වත්මන ගැයෙන.......
අල්තිනායි මමයි නුඹේ
ළය පුරා නුඹ රදවා රකින......
සියොලඟම ඇවිලෙමින්
නිතර හිත පෙරුමන් පුරන......
නුඹේ හැම හුස්මටම 
හැමදාම පෙම් කරන......
දුයිෂේන් නුඹයි මගේ
හමුවන්න කල් අරින......

පබලු 



9.1.12

2012 ලැබුවේ අද -එනව නම් ඔබ


දුරුතු සීතල සුළන් සිපගෙන
එනව නම් ඔබ මටත් රහසෙම
පිපෙන සුවහස් කුසුම් පෙති මත
අකුරු ලියනෙමි සිතුම් කැටිකොට

මගේ සිතුවිලි නුඹ සිතින් විද 
එනව නම් නුඹ සැනසුමත් ගෙන 
පිපෙන නිම්නැති තරු කැකුලු වල 
එලිය දෙන්නෙමි සිනා කැන් ඉස

පබලු

ප.ලි :
2012 ලැබුවේ අද 
අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක



11.11.11

මතකයෙන් දුර නොයනා දිනක් ....11/11/11


එකින් එක එකතු වෙන
සොදුරු සැමරුම් අතර
කිසිම දින කිසිම විට
මතකයෙන් දුර නොයනා දිනක් ....

සිහින අතරේ රැදුනු දහසක්
සිහිනවල
සැබැවුන එක හීනයක් ....

දහසකුත් තව නැවුම් පැතුමන්
එකතු කරමින් මහමෙරක්
නුඹේ දෙනෙතට එබී උන්නෙමි
දයාබර නුඹ මගෙ කරන් ....

පබලු



30.10.11

පුන්චි පැටියෙක් එයි ලගදිම


පැතුම් ඇහිදින්න නිමිත්ත
තියා හදවත පුරා
පුන්චි පැටියෙක් ඇවිත් කුස තුල
දගකරයි නිති මව් මුව සිනා තියා

බටිච්චනි දැන් දැන් ඉතින්
අලුත් කවි පද රස තියා
ගයන්නට වයන්නට ඉගන ගනු යස
පුන්චි පැටියෙක් එයි ලගදිම අප සොයා

පබලූ

10.10.11

10/10/10




පියාපත් ඇවිත් සිතුවිලි
 ඔහේ පාවුනා
පාට පිරුනු හීනය ලඟ 
ඉබේ නැවතුනා
වහින මල් පැතුම් වැස්සේ 
වැතිර සැනසුනා
සුපුන්  සඳ ඇවිත් අහසේ 
දිලී හිනහුනා

පබලු