18.12.17

පිබිදෙන්න මට


සද පාය ලා තමයි.
හිත ඒත් කලුවරයි..
නුබ නැතුව ගෙවෙන රැ
නොහිම් තනිකම දැනේ

කඳුලු නෙතු අගිසි යට
හිත කීරි ගස්සවයි
පාලු මැදියම පවා
නුඹ මතක හද රැදේ

නැවත පිබිදෙන්න මට
නුඹ එන්න අඳුර බිද
අසංක්‍ය කල්පයක්
පිං පුරමු එකට හිඳ

පබලු
(2014)

0 comments:

Post a Comment