සිනහවකි නුඹ මගේ මුවග රැදි
ස්නේහයයි නුඹ මගේ සිතම බැදි
ලං වෙමින් ළඟ ළඟම නිති
ගත වැකී ගිය සුලඟ නුඹ වැනි
සඳ සිසිල නුඹ මැදියමේ විදි
පිණි බිඳයි නුඹ සිත් මලේ රැදි
ළංවෙමින් මගේ සිහිනවල නිති
රළ පෙලයි නුඹ වෙරළ සිඹ ඇදි
මල් මිටයි නුඹ සුවද ගෙන පිපි
තුරු හිසයි මම නුඹට පෙම් බැදි
බට ගසකි නුඹ සුළඟටත් නැමි
නුඹ එක්ක දුර යන්න මට බැරි
පබලු
පට්ටයි....!!
ReplyDeleteසිහිනයකි නුඹ මගේ නෙතු රැදී
ReplyDeleteප්‍රේමයකි නුඹ මගෙ ගත වෙලී
සැනසුමකි නුඹ ම‘සිතට දිරිය දී
ආලයකි හැමදාම නුඹ දෑත මා බැදී
ගුටි කන්න නොලැබේවා.. !!! :-D
මුවග රැදෙනා නුඹේ සිනහව
ReplyDeleteමල්මිටක් සේ ඉමිහිරිය මට
නොදන්නෙමි සිනහවක් තරමට
මගේ සෙනෙහස මිහිරි වන බව
ගත වැකෙන සැම සුළං රොදකම
නුඹේ සෙනෙහස තැවරිලා ඇත
සදේ සිසිලස පිනි බිදක් ලෙස
මගෙ සුසුම්වල දැවටිලා ඇත
මගේ හැම සිහිනයක ඉහිරෙන
තුරුහිසක් නම් නුඹ සුවද දෙන
බට ගසක් සේ දිස් වුණත් මම
ඇයිද යන්නට නොහැකි ඒ දුර..?
මේ කවිය ඔයාගේ කවියෙ ලින්ක් එකත් සමග මගෙ බ්ලොග් එකේ දැමුවට කමක් නැද්ද අක්කේ?
Deleteහයියෝ,,, කමක් නැ නගේ,,,
Deletehttp://sinhapedia.blogspot.com/
ReplyDeleteLassana gelapumak Pabalu ,ethakota kageda oya batagahak wage hitha
ReplyDeleteLassana nirmanayak pabalu
ReplyDelete