පාර පෙන් වු නුඹව......
මූසලම අතීතෙක
සුවද දුන් එකම කුසුම......
දුයිෂේන් නුඹයි මගේ
දකින්නට නෙත් පෙරුමන් පුරන......
මිහිරිතම ගීතය නුඹයි
මගේ වත්මන ගැයෙන.......
අල්තිනායි මමයි නුඹේ
ළය පුරා නුඹ රදවා රකින......
සියොලඟම ඇවිලෙමින්
නිතර හිත පෙරුමන් පුරන......
නුඹේ හැම හුස්මටම
හැමදාම පෙම් කරන......
දුයිෂේන් නුඹයි මගේ
හමුවන්න කල් අරින......
පබලු
නියමයි මම නම් කාලෙකට කලින් කියෙව්වෙ.
ReplyDeleteකවියත් ලස්සනයි. දුයිෂෙන් මෙ කතාවෙ ඉංග්‍රිසි කතාව...
රවා මෙහේ ඉන්නවා දකින්නත් සන්තෝසයි.ඇත්තටම නියම පොතක් ,
Deleteඅදහසට ස්තුතියි :D :D :D
කවදාවත්ම අමතක වෙන්නේ නැති ලස්සනම ලස්සන කතාවක්.. දුයිෂෙන්..අල්තිනායි හැමදාමත් ජීවත්වෙනවා හිත්වල..
ReplyDeleteස්තුතියි අදහසට.. කියවගෙන යද්දි අල්තිනායි දුයිෂේන් හදවතේ උපදිනවා.ආදරේ ට හොද අර්තයක් දෙනවා වගේම ජිවිතේට හොද ගැම්මක් ගේනවා.ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්.ඒක සැරයක් නෙවෙයි කීපසැරයක් ම
Deleteපොඩි කාලේ කියෙව්වට හැමදාම මතක තියෙන පොතක්. ආයෙත් කියවන්න ඕනේ :)
ReplyDeleteආයේත් නෙවෙයි ආයේ ආයෙත් කියවන ඕන පොතක් ..
Deleteමම ගුරු ගීතය කියෙව්වේ 7 වසරේදී. එදා ඉදන් මගේ හිතේ දුයිෂෙන් ගුරුතුමා ජිවත් උනා විතරක් නෙමේ මම ඒ වගේ චරිතයක් ජීවමානව හෙව්වා .. කාලයක් ගත උනාට පස්සේ මම තේරුම් ගත්ත පොත් වල ආදරේ කරපු චරිත හැබෑ ලෝකේ නෑ කියල . අදටත් දුයිෂෙන් මගේ හිතේ මහා ආදරණීය හැගීමක් එක්ක ජිවත් වෙනවා ..ගුරු ගීතය සදාකාලිකයි.
ReplyDeleteගොඩාක් ස්තුතියි අදහසට...හිතට තඩින් වැදුන පොතක්..ආයේත් කියවන්න හිතෙන තරම් ම ලස්සනයි.ගුරු ගීතය සදාකාලිකයි අපේ හිත්වල
Deleteඑක දවසින් පැය කිහිපයෙන් කියවලා ඉවර කරපු හිත් ගත් කතාවක්. පල් හෑලි මහ ගොඩක් නැතුවට මොන තරම් නං ලෝභ කමක් හිතට දැනුනද නේද? අල්තිනායිට වෙන දේ....... දුයිෂෙන් ඇවිත් බේරාගෙන යන හැටි......... අයියෝ එහෙමත් දේවල්........
ReplyDeleteලස්සන පද පෙළ නගේ
අල්තිනායි ගේ හිත ඇතුලේ ඉපදෙන ඒ අධ්‍යාත්මික ආදර ය..අල්තිනායි ගේ හිතේ ශක්තිය. මම හිතන්නේ මම වැඩියෙන් කැමති අල්තිනායි ට.
Deleteගොඩාක් ස්තුතියි අදහසට
ආයෙත් කියවන්නෝනි.. ස්තුති !
ReplyDeleteආයෙත් ආයේ ආයෙත් කියවන්න ඕනේ :D
Deleteපුංචි ඉස්කෝලේ උණුසුම් කරන්න ගොම හොයන්න යන කෙල්ලෝ.. එයාලාගේ ඇඳුම්... ඒ අතර ඉන්න අල්තිනායි...
ReplyDeleteස්තූතියි පබලු මකතය අළුත් කලාට..
ලස්සනයි ඔයාගේ නිර්මාණය... :)
දුයිෂේන් ගේ උදව්වෙන්, හා ඇගේ උත්සහයෙන් ජීවිතය දිනන අල්තිනායි.හරි දේ වෙනුවෙන් සධාරණත්වය වෙනුවෙන් නැගී හිටින අල්තිනායි.. තව හුගක් දේ..
Deleteඅදහසට ස්තුතියි සුදු හංසි..
එතකොට මෙතන ඉන්න මේ පොත නොකියවපු එකම එකා මමද...
ReplyDeleteමේ සති අන්තයේ නොවරදවා පුස්ථකාලයට යමි !!
අන්න හොද වැඩ.. කලුව මාරපන් ගියා වගේ නැතුව පුස්තකාලෙට ගිහින් ගුරුගීතය හොයාගෙන කියවන්න :D
Deleteමගෙත් ආසම පොතක්.ඔයා ලස්සනට කවිය ලියලා තියෙනවා.
ReplyDeleteඉඩක් තියේ නම් මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්නකෝ.
ගොඩක් ස්තුතියි ..අනිවාර්යෙන්ම එනවා තෙමෙන්න වැස්සේ .. ..
Deleteගුරු ගීතය නොකියවූ මම.... මටම දොස් නගනවා හැර වෙන කුමක් නම් කරන්නද?... පබලුගේ මේ පැදි පෙලත් මට තේරුම් නොයන විට ... :(
ReplyDeleteආයේ හිතනන් දෙයක් නැ .ගන්න පොත. කියවන්න..
Deleteස්තුතියි මෙහේ ඇවිත් ගියාට
ලස්සන පොතක් වගේම ලස්සන කවියක්! ඉස්සර මතකේ අළුත් වෙනවා වගේ දැනෙන්නේ!
ReplyDeleteගොඩාක් ස්තුතියි
Deleteලස්සනයි
ReplyDeleteගොඩාක් ස්තුතියි
Deleteමතකේ තියෙයි හැමදාමත් පොප්ලර් ගස් අතර රැදුනු කතාවක්..ස්තුතියී
ReplyDeleteහරිම මියුරු පද පෙළක්...
ReplyDeleteso nice akkiiiiiiiiiiiiiiiiiii
ReplyDeleteso nice akkiiiiiiiiiiiiiiii
ReplyDelete