දුරුතු සීතල සුළන් සිපගෙන
එනව නම් ඔබ මටත් රහසෙම
පිපෙන සුවහස් කුසුම් පෙති මත
අකුරු ලියනෙමි සිතුම් කැටිකොට
මගේ සිතුවිලි නුඹ සිතින් විද
එනව නම් නුඹ සැනසුමත් ගෙන
පිපෙන නිම්නැති තරු කැකුලු වල
එලිය දෙන්නෙමි සිනා කැන් ඉස
පබලු
ප.ලි :
2012 ලැබුවේ අද
අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක
දුරුතු සිතල සුලන් මැඩ ගන
ReplyDeleteලග ඒවි සැනසුමත් අරගන
හ්ම් ලස්සන සංකල්පනාව. අදමයි මේ පැත්තේ ආවේ. දැන් ඉතින් දිගටම එන්නම්කෝ...............
අලුත් අවුරුද්දේ පබලු දැක්කාම තියන සතුට ..
ReplyDeleteකවියත් ලස්සනයි පබලු අක්කේ
සිනා සුසුමන් තුරුළු කොට
ReplyDeleteහිදී නම් හිස තියා මා ළය මත
කෙලෙස නම් ඉන්නද දුරින් මම
දුරස් වනු නෑ සිතින් නුඹ මා ලග
පිපෙන තුරු ලතා මඩුළු මත
පියඹනා රන් සිහින වදුල්ලක
ලං වෙලා මුමුණණා ඇසිල්ලක
කල්පයක් වී නවතීවි මොහොතක
සුභ අලුත් අවුරුද්දක් වේවා ඇ...:-D
අප්පච්චියේ කාලේකට පස්සේ..දන් කොහොමද මව් පදවියේ වගතුග
ReplyDelete@රෙප් මහත්තය තැන්ක් Q වේවා..දිගටම එන්න.. මේ වගේම අදහසත් කියලම යන්න :D
ReplyDelete@හිස් අහස
මටත් සන්තෝසයි..පෝස්ට් එකක් නැතුවත් මගේ තනිකම අමතක නොකලට ..පහුගිය කාලේ වගේම මේ අවුරුද්දෙත් එන්න යන්න. අදහස් කියන්න මල්ලියෝ
@පසන්
ReplyDeleteහලේ එළ කවිය ..තැන්ක් Q වේවා
ඔයාට ඇතුලු මේ බ්ලොග් අවකාශේ හැමෝටම හැපි 2012 ක් වේවා!!
@Raj
මවු පදවිය ලද ඈ ද සතුටෙනි..ඈ දෙස බලමින් අපිද සතුටෙනි..තැන්ක් වේවා Q මෙහේ ඇවිත් ගියාට.. දිගටම එන්න
සුන්දර සිතුවිල්ලක්, හරිම ලස්සනයි..
ReplyDeleteතැන්ක් Q වේවා !!
DeletePabalu...lasanai oyage kavi
ReplyDelete