
30.10.09
හිත පස්සෙන් - මම ගියාට - ආපහු එය නොලැබුනාට ......

මටත් හොරෙන්
හිතත් අරන් 
දුරට දුරට 
යනවා දැක්කා......
හිත පස්සෙන් 
මම ගියාට 
ආපහු එය 
නොලැබුනාට ......
සිනහා පොකුරු 
මගේ හිතවට 
නැලවෙනු දැක්කා......
මගේ කවි
27.10.09
රැව්දෙන ඔය මතකය මම - හිතා අද්දර රදවා ගතිමි.......
25.10.09
ඇයි මේ තරම් අපි අපට දුර...?
21.10.09
නෑවිත් ලඟට ඔබේ - ඈතින් ඉන්න කියයි
17.10.09
පිරිමියෙකුගේ ප්‍රෝඩාවට හසු වුනෙමි.......... රැවටුනෙමි..........
15.10.09
13.10.09
ඔබ කැමතිය - මා අකමැතිය
ඔබ කැමතිය - මා අකමැතිය
මා කැමතිය  - තවමත් ඔබ මටම කැමතිය 
මට දුකය      - ඔබටද දුකය 
ඔබට දුකය    - තවමත් මට දුකය
ඔබට මට දෙදෙනාටම දුකය 
ඒත් අපි දුරය . . . . . 
සදා රැදෙමුය  - නමුත් නොහැකිය 
ළංවී සිටිමුය   - එයද බැරිය 
වෙන්වන්නද බැරිය  - වෙන්වී ඉන්නද බැරිය 
මිය යන්නද බැරිය   - ජීවත් වන්නද බැරිය 
අපි  ආදරේය -  සදා කල්හිම
නමුත් 
එක්වන්නද -  වෙන්වන්නද බැරිය . . . . .
මගේ කවි
12.10.09
සංසාරේ පුරාවට - ආදරේ මම නුබට
11.10.09
ලංවෙන්න බැරුව මට
8.10.09
මට අයිති නෑ
මේ අනන්ත විශ්වය පුරාම
කොනක් නැති මහා සාගරය පුරාම
විහිදි ගිය සෙනෙහසක්.....
ඔය හිතේ ඇති කියල
මම හිතුවා.....
මම විශ්වාස කරා.....
මම ප්රාර්ථනා කරා .....
ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ
අඩන්න..... හිනාවෙනවා ඇරෙන්න.....
මම පෙරුම් පිරුවෙ.....ඒ හිනාව
හැමදාම ළග තියාගන්න
ජීවිතේ කවදාවත් නොහිතපු විදියට
මම හැමදාම ලග තියාගන්න හදපු ඒ සෙනෙහස
වංචාවක් වෙලා මගේ අතින් ගිලිහෙන කොට
කදුලු කැට වෙලා මගේ ඇස් වලින් කඩා හැලුනේ වත්
සුසුම් පොදක් වෙලා මගේ හිතින් පිට වුනේවත් නෑ.......
මම ඔහේ බලාගෙන හිටියා...... මට තෙරුනේ නෑ......
මට විශ්වාස කරන්න බැහැ.....
ඔයා මගේ නෙවෙයි කියලා ......
පබලු
7.10.09
මිය ගිය අතීතය

මිය ගිය අතීතය
නෙතු අග කදුළු බිදුවක් වෙලා
දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -
ඉගිලෙන සමනලයෝ
නොතෑවෙමි මම
මියගිය ප්‍රේමය සිහිකර
පිබිදුන මල් රොන් තවමත් සොදුරුයි
මිය ගිය මුදු අතීතයේ- - -
පාවෙන සීතල මද පවනේ
මුසුවී අති මුදු අතීතේ
තවමත් සිසිලයි
මා වත දෑවටෙන සුලන් රොදේ
මිය ගිය අතීතය
නෙතු අග කදුලු බිදුවක් වෙලා
දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -
නෙතු අග කදුළු බිදුවක් වෙලා
දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -
ඉගිලෙන සමනලයෝ
නොතෑවෙමි මම
මියගිය ප්‍රේමය සිහිකර
පිබිදුන මල් රොන් තවමත් සොදුරුයි
මිය ගිය මුදු අතීතයේ- - -
පාවෙන සීතල මද පවනේ
මුසුවී අති මුදු අතීතේ
තවමත් සිසිලයි
මා වත දෑවටෙන සුලන් රොදේ
මිය ගිය අතීතය
නෙතු අග කදුලු බිදුවක් වෙලා
දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -
 පබලු
එක කවියක් නොවේ සබද
Subscribe to:
Comments (Atom)




