මේ අනන්ත විශ්වය පුරාම
කොනක් නැති මහා සාගරය පුරාම
විහිදි ගිය සෙනෙහසක්.....
ඔය හිතේ ඇති කියල
මම හිතුවා.....
මම විශ්වාස කරා.....
මම ප්රාර්ථනා කරා .....
ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ
අඩන්න..... හිනාවෙනවා ඇරෙන්න.....
මම පෙරුම් පිරුවෙ.....ඒ හිනාව
හැමදාම ළග තියාගන්න
ජීවිතේ කවදාවත් නොහිතපු විදියට
මම හැමදාම ලග තියාගන්න හදපු ඒ සෙනෙහස
වංචාවක් වෙලා මගේ අතින් ගිලිහෙන කොට
කදුලු කැට වෙලා මගේ ඇස් වලින් කඩා හැලුනේ වත්
සුසුම් පොදක් වෙලා මගේ හිතින් පිට වුනේවත් නෑ.......
මම ඔහේ බලාගෙන හිටියා...... මට තෙරුනේ නෑ......
මට විශ්වාස කරන්න බැහැ.....
ඔයා මගේ නෙවෙයි කියලා ......
පබලු
අවංක වැඩිවූ තරමට දුක වැඩියි........
ReplyDeleteමොනවා කරන්නද නංගා ගොඩක් දෙනා අපේ ජීවිතවලින් යන්නේ අපේ හදවත් අපායක් කරලා.......
@ Dasun ඔව් එත් අපි හිතන්න ඕන හැමදාම ඒ අපායෙම ඉන්නවද නැද්ද කියල...
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ.. හරි පුදුමයි, කොහොමද ඔයා මගේ හිත දැක්කේ? මගේ මුළු හිතම කවියක් කරලා ලියල. හරියටම ඒ දවස් වලම...
ReplyDelete@ruajee
Deleteමම 2009 ලියපු කවියක්.හරියටම මේ දවස් වල ඔයාට කියවන්න ලැබිලා.හරි පුදුමයි,මගේ පරන පෝස්ට් එකකට ඔයා කොමෙන්ට් කරලා.ගොඩක් සතුටුයි..සමහර විට මේ වචන ඔයාගේ හිත සනසාවි.