29.3.10

හිත ඉඹින්න ආසයි මට


තනි මකන්න මම එන්නද
රන් තරුවක හැංගිලා
හිත ඉඹින්න ආසයි මට
ආදර තොල්පෙති තියා

දාස් පෙතියා මල් පොකුරක
සුවදේ මට සැඟවිලා
නුබේ ලගින් පාව යන්න
ආසයි පවනක් වෙලා


පබලු

22.3.10

නුබගේ සුවදට - වසග වි සිත


නුබගේ සුවදට
වසග වි සිත
ඉනු කදුලැලි
නෙත් පුරා....

ලැබුනු දුක් බර
අතීතය ඇත
තවම තනිවී
හිත පුරා....

කදුලු කැටයක
හිනා අහුරක
සුවද මතකය
හිත දරා ....

අහිමි ප්‍රේමයේ
ඉකි බිදුම මැද
තනිවෙලා.....

පබලු