දුරුතු සීතල සුළන් සිපගෙන
එනව නම් ඔබ මටත් රහසෙම
පිපෙන සුවහස් කුසුම් පෙති මත
අකුරු ලියනෙමි සිතුම් කැටිකොට
මගේ සිතුවිලි නුඹ සිතින් විද
එනව නම් නුඹ සැනසුමත් ගෙන
පිපෙන නිම්නැති තරු කැකුලු වල
එලිය දෙන්නෙමි සිනා කැන් ඉස
පබලු
ප.ලි :
2012 ලැබුවේ අද
අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක

