සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන
මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ
ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප
හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්
පබලු
( 23-02-2013 )
නිර්මාණයක් හැටියට අගෙයි. ඒත් මගේ මතය නම් ආලය කියා දෙයක් ලොව නොපවති යන්නයි ඇත්තේ ගනුදෙනු පමණයි.
ReplyDeleteඅදහසට තුතී..
Deleteආලය ගැන මගේ අදහස නම් ආලය කියල දෙයක් පවති. එය ස්ථිරද?තාවකාලිකද එහෙම නැත්නම් දිගු කාලිනවද කෙටි කාලිනවද එහෙමත් නැත්නම් සදාකාලිකද කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් කියන එක..
"පබලු" කිව්වම මතක් උනේ තරුණයා පත්තරේ ගියපු "සුළඟ නුඹ සහ මම" කතාව...
ReplyDeleteඑහෙම නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා....
මම ඒ කතාව කියවා නැත.කොමෙටුවට ස්තුතීයි
Deleteනුඹේ නම ලියැවිලා ඇත මා නමින්
ReplyDeleteමගේ නම කෙලෙසකින් නොලියවෙද
ඉතින් ඔය නමින්...
ගෙවෙන තුරු
සසර මේ කලුවර
රැදී ඉමි නිහඩවම
නුඹ නමින්...!
හද දලු ලදලු සෙලවෙන
වස්සානයේ මේ සුසුවද
නුඹය මට..
නුඹමය..
සංසාර සෙනෙහසේ අරුමය!
ගොඩාක් ස්තුතියි පිලිතුරු කවියට..හැමදාම එන්න ..
Deleteමොකක්ද අක්මන් කියලා කියන්නෙ?
ReplyDeleteඅක්මන් කියල කියන්නේ ආක්‍රමණය ,,එහෙම නැති නම් නතුකරගෙන වගේ අදහසක්..
Deleteරදනෙම් (radhanem) - රඳනෙම් (ranndhanem)
ReplyDeleteරැදෙමින් (rAdhemin) - රැඳෙමින් (rAnndhemin)
හිදිමින් (hidhimin) - හිඳිමින් (hinndhimin)
යුනිකෝඩ් එසැණින් පරිවර්තකය
ගොඩාක් ස්තුතියි යාලුවා..දැන්ම වැරද්ද නිවරදි කරගනිමි
Deleteදිගටම ලියන්න පබළු..ලස්සනයි .කවි ටික.
ReplyDeleteඑනවා හැමදාම බලන්න...
ලස්සනයි! අද තමා මේ පැත්තට ආවේ.
ReplyDeleteනියම කවි ටික.... ලස්සනයි
ReplyDelete