මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
30.10.09
හිත පස්සෙන් - මම ගියාට - ආපහු එය නොලැබුනාට ......
මටත් හොරෙන්
හිතත් අරන්
දුරට දුරට
යනවා දැක්කා......
හිත පස්සෙන්
මම ගියාට
ආපහු එය
නොලැබුනාට ......
සිනහා පොකුරු
මගේ හිතවට
නැලවෙනු දැක්කා......
මගේ කවි
27.10.09
රැව්දෙන ඔය මතකය මම - හිතා අද්දර රදවා ගතිමි.......
සඳ ලග තනියම හිඳ
තරුවක් හඩනවා ඇහුනා
වැට ලඟ හිඳ තරු ලග හිත
රදවා මම කවියක් ලිව්වා.....
දින සති ගෙවි මා සිත ලඟ
තරුවක් හිනහෙනු දැනුනා
ඒ හිත ලග නවතින්නට
වරුවක් මම පාරමි පිරුවා.....
ලස්සන හිත ලඟ දිස්වෙන මා හද
ගැස්සුනෙ සිහිනෙන් පිබිදි
රැව්දෙන ඔය මතකය මම
හිත අද්දර රදවා ගතිමි......
මගේ කවි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)