10.10.11

10/10/10




පියාපත් ඇවිත් සිතුවිලි
 ඔහේ පාවුනා
පාට පිරුනු හීනය ලඟ 
ඉබේ නැවතුනා
වහින මල් පැතුම් වැස්සේ 
වැතිර සැනසුනා
සුපුන්  සඳ ඇවිත් අහසේ 
දිලී හිනහුනා

පබලු

22.9.11

මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?


විසල් මැදුරක 
පිපුනු මල් පොඩි 
තියා නොකියාම නික්මී...
සොහොන් කොත මුල
නිදා සිටි නුඹ 
නෙතග කඳුලක් නොනික්මි...
මතක මල් පොඩි 
සුවද දෙන සඳ 
අපේ හදවත් තුළ වැදී ....
මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?
කියන් විත් සිහිනෙක වෙලී...

පබලු