3.2.10

අතීතයේ අප - සොදුරු මතකයන්


දුටුවත් ඔබ අද

කලකට පසු මම

සුපුරුදු ලෙස ඔබ

පිය මැන්නා...


සිනහව මුවගට

එක් කලමුත් නුබ

මා වෙනතක් දෙස

නෙත් හෙලුවා...


ඔබ ගැන මතකය

මගේ හදවතේ

සිතුවම් මවමින්

ඉගිල ගියා...


අතීතයේ අප

සොදුරු මතකයන්

කදුලු බිදක් වී

ගලා ගියා...


Chamal

27.1.10

කදුලු හැන්දෑවක්ම


කදුලු හැන්දෑවක්ම

නෙතු පියන් පුරවද්දි. . . . .

ආදරේ දුක්බරම

සුසුම් පොද

හිත් ගැබෙන් පිටවෙද්දි. . . . .

නුබේ දුරස් බවේ දුක

හිත පුරා කකියද්දි. . . . .

කුමට පද ගලපන්නද

මම. . . . .

නුබ මගේ ලග නොමැති. . . . .

මගේ කවි