නින්ද අහලකටවත් නොඇවිදින්
ඇස් වලට හරි මහන්සි මගේ
සිතට නුබ නිතර ඇවිදින්
මගේ හිතට හරි මහන්සියි
හිස් අහස බලගෙන
නුබෙ රුව පෙනේදැයි
බලන් ඉදලාම
මට හරි මහන්සි
මගේ ලගට ඇවිදින්
මට ඉතිරි කර ගිය
දුක දරාගන්න බෑ
මට හරි මහන්සියි
පබලු
ඇස් වලට හරි මහන්සි මගේ
සිතට නුබ නිතර ඇවිදින්
මගේ හිතට හරි මහන්සියි
හිස් අහස බලගෙන
නුබෙ රුව පෙනේදැයි
බලන් ඉදලාම
මට හරි මහන්සි
මගේ ලගට ඇවිදින්
මට ඉතිරි කර ගිය
දුක දරාගන්න බෑ
මට හරි මහන්සියි
පබලු
හුම්.. :)
ReplyDeleteසැහැල්ලුෙවන් ඒවත් ෙවන්න
ReplyDeleteදුක දරාගන්න පුරැදු වෙන්න ඕන නංගියේ.....
ReplyDeleteමහන්සයට හොඳම බෙහෙත විවේකය....
ReplyDeleteකදුලු පුරෝගෙන
ReplyDeleteදෙනත අයා ගෙන
හිතම වසාගත් පරණ ප්‍රේමයට
යන්න කියනු මැන හිතම හදාගෙන
හිස් අහසෙ
ඔහුගෙ රුව නොව
නෙක තරු රැසේ සුන්දර
විදිනු මැන මුදු සිහින පුරෝගෙන
Although ur out of my life, i still love that dreams,love that times, love that words, love that smile because ur my life ...
ReplyDeleteජීවිතේ කවදා හරි මහන්සිය නැති වෙන දවසක් එයි. එදාට අන් හැමදාටමත් වඩා මහන්සිය අත් හැරලා සිනාසෙන්න පුලුවන් වෙයි.
ReplyDeleteහිතේ මහන්සිය
ReplyDeleteදුක සුසුම් පෙළ
දියකර හරිමි කඳුලක
ආයෙ කවදාවත්
නොඑනු මැන මතකෙට...
හැමදාම වගේ කවි ලස්සනයි අක්කෙ.. ඔයා නිතරම ලියන්න.. හැමදාම බ්ලොග් බලද්දි ඉස්සර වෙලාම ඇවිත් බලන්නෙ ඔය මොනා හරි අලුතෙන් ලියලද කියලා.
@Kanishka | කණියා හ්ම්... :) :)
ReplyDelete@ෙගාවිතෑන ඔව්.. හැමවෙලාවෙම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි උත්සහ කරන්නේ.ස්තුතියි!!! අදහස් දැක්වුවට
@චන්දික ඔව්.. දුක සතුටින් දරාගෙන, සතුටින් විදින්න ඕන කියලා හිතනවා.ස්තුතියි!!! අදහස් දැක්වුවට
@Prabhath Darshana හ්ම්..විවේකය ...ඔව් දෙන්න ඕන හිතට විවේකයක්...
ReplyDelete@Pasan
හැමදාම් අලුත් වෙන ..
මතක අතරේ සැගවි ගෙන
කෙසේ නම්
අයින් කරන්නද ..
පුස් නොකන
පරණ නොවන
මගේ ප්‍රේමය
(පබලු)
@randimae හීන අපිව ජීවත් කරවන කොට අපි ඒ හීන වලට සතුටින් බැදෙනවා ..ඒකයි ඒ හීන බොද වුනත් අපි ඒවට ආදරෙ කරන්නේ සදාකලිකවම....
ReplyDelete@හුටපටයා ඔව්.. එදාට හිනා වෙමු ඇති වෙන්න හිනා වෙමු..
@විහඟිගෙ සිතුවිලි- ස්තුතියි!! විහගි.මම ඉස්සර කවි ලිව්වෙ නිකමට ලියවෙන හන්දා.එත් දැන් කවි ලියන්නේ ඔයාල මගේ කවි වලට අගයක්,වටිනාකමක් දෙන හින්දා....
අදහස් දැක්වු හැමෝටම හද පිරි ස්තුතිය!!!
මහන්සිය මැකී යන්න
ReplyDeleteසිනහව රඟදෙන්න
පාලුව වියැකෙන්න
හිත තුටින් සැනසෙන්න
මඟ බලා ඉන්න නෙත
පුරා රුව ඇදී යන්න
ඒ සිත ඔබ සොයා පැමිණේවි
දිවිය සුන්දර වන්න......
ඔහුට හදින් සමුදෙන්නට බැහැයි කියා
ReplyDeleteහදට තදින් දුක් දෙන්නට සිතනු එපා
මගට ඉතින් එලියක් හද සොයනු නියා
ඉගිල යන්න අත්තටු දෙක පියා සලා
ජිවිතෙ ලැබීම් නොලැබීම් අතර අතරමං වෙන්න එපා. හදවතෙ තියන මහන්සියට නැවතත් අරමුණක් දෙන්න මගෙන් ආසිරි මෙන්න..
wow හරි ලස්සනයි, ඔයාට මාර හැකියවක් නෙ තියෙන්නෙ, මේක image එකක් වගෙ තිබුනනම් save කර ගන්නත් තිබුනා, අත්තටම ලස්සනයි
ReplyDelete@punchisamanalee
ReplyDeleteලග ලගම ඇති කියා,
තාම මග බලනවා
දිනක නුබ එයි කියා
හද සිනා සලනවා...
නෙත් මඩල හඩවලා
හීනයක් බිදෙනවා
ලග ලගම ඇති කියා,
තාම මග බලනවා
තාම මම මග බලනවා...(Pabalu)
@රවා
ලැබෙන නොලැබෙන
ලැබී නොලැබෙන
හීන අතරින් වෙන්වෙලා..
පාව යන්නට
පැතු ආසිරි
ගනිමි හද පිරි
තුති පුදා...(pabalu)
@born2post ස්තුතියි!!!ඔයාට මේක පින්තුරයක් විදියට ඕන නම් http://www.facebook.com/home.php?#!/group.php?gid=189930281867&ref=ts (Pabalu group)එකතු වෙන්න...
අදහස් දැක්වු හැමෝටම ස්තුතියි!!!
බලන් හිටියා මදැයි දැන්
ReplyDelete@කුමාරගේ පන්හිඳ-
ReplyDeleteකොච්චර බලන් හිටියත් ඇති වෙන්න නැහැ.බලන් ඉන්න එකත් සතුටක් නිසා.ස්තුතියි!! අදහස් දැක්වුවට
බලාපොරොත්තුවත් හරිම ලස්සන දෙයක් පබලු.. මමත් කෙනෙක් එනකම් ඉන්නෙ.. එයා ජිවිතෙ කාලෙම නාවත් මට කමක් නැහැ.. හැබැයි මම ඉස්සර වෙලා ගිහින් දවසක පස්ස හැරිලා බලද්දි එයා අතරමං වෙලා හිටියොත් මට මෙ තියන පොඩි නින්දත් නැති වෙනවා.. මම මෙ තියන සැනසීමට හරිම ආසයි.. බලන් ඉන්න එක සතුටක් කියලා කියද්දි මට හිතට ආවෙ එච්චරයි...
ReplyDeleteඔයා මොකද කාලෙකින් මුකුත් එකතු කරලා නැත්තෙ වැඩ වැඩියිද...
මම කමෙන්ටු ටික නම්කියැව්වේ නෑ අද,
ReplyDeleteනමුත් කව නම් ඉතා අගෙයි.
බිඟුවා...! ස්තුතියි!!!!1
ReplyDeleteඈත්තටම එනකන් බලන් ඉන්න එක හරිම අපුරු තමඉ.
ReplyDeleteහෑබෑඉ එන්නෙම නෑහෑ කියලා දෑනෙනකොට දුක අදු වෙන්නෑද්ද පබලු අක්කේ......
- Ganga -
@Ganga
ReplyDeleteදුක අඩුවෙනවා,ඒත් නැති වෙන්න නැහැ..
හැබැයි බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා...
ආස දෙයක් බලන් ඉදිද්දි ඇස්දෙකට මහන්සි නෑ
ReplyDeleteආස දෙයක් කන විටදි රසදිවට මහන්සි නෑ
ආස කෙනෙක් ලඟින් ඉද්දි ජීවිතේට මහන්සි නෑ....
@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි ස්තුතියි !!!
ReplyDeleteඅපි ආස දේවල් අපේ ලග තියනව නම් ජීවිතේ හරි සැහැල්ලුයි..