මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
26.11.09
දෙරණ වී මම ඉදිමි නුබේ සිසිලස පතා...
තනිවෙන්න නුබ එපා
ආකහේ සඳ වෙලා ...
තරුමල් ව මම ඉදිමි
නුබේ තනිකම මකා...
වැටෙනු මැන නුබ මෙදා
මහ වැස්සක් වෙලා...
දෙරණ වී මම ඉදිමි
නුබේ සිසිලස පතා...
ගලනු මැන නුබ සදා
ගංගාවක් වෙලා ...
සයුර වී මම ඉදිමි
නුබට එක්වනු සිතා ...
පබලු
14.11.09
නුබ වෙනුවෙන් එක කවියක් වත් ලියන්න මට හිතුනා ..
අවිහිංසක මගේ සිතුවිලි අතරේ
නුබේ සමරු සෙව්වා
නුබ ගුණදම් මැද මා තනිවී
මතක සුවද වින්දා
නොමැකෙන සේ නුබ ලියු කවි මගේ
සිතේ කොනක සගවා
නුබ වෙනුවෙන් එක කවියක් වත්
ලියන්න මට හිතුනා
නුබ ගැන ලියන්න සිතුවිලි බෝමයි
ගලපාගන්නට බැරි සේමයි
පදවැල් අමුණා එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි
ප්‍රේමය ගැන නුබ ගැයු ගීවැල් බෝමයි
අමතක කරන්න බැරි සේමයි
ඒ ගී වැල් මට එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි
පබලු
11.11.09
කාලය ගෙවී ගියා - ආලයෙන් ඉපිල ගියා
තරු දිලෙන අහස පුරා
බලා
හිද
පෙම් කලෙමි එක තරුව
ක
ට
වැ
හි වලා
පැ
මිනිය ද
දිලුනි එය
කලුවර අහසට
කා
ලය ගෙවී ගියා
ආලයෙන් ඉපිල ගියා
සියල්ලන්ටම හොරෙන් තරුව
මා
හැ
ර
වලාකුලු අතර
සැ
ගව ගියා
දුක මගේ හිත දරා
පිය නගමි
අනාගතය කරා
දිලුනු තරුවට,
පිදු පෙම හිත දරා
(ලිව්වෙ පහන්)
9.11.09
දිලුනු තෝඩුවේ රැදුනු කුංකුම - එළිය දුනි නුබෙ රූ අගේ
පෙම් මලක් පිපුනයි සිතේ
රන් තිලකයකි නුබෙ නළලතේ
පාද සලං හඩ ඇහෙන මානයේ
ඉන්න හැකිනම් හරි අගේ
වරලේ ගැවසු මල් වැලේ
සුවද විහිදුනි නුබෙ සිතේ
දිලුනු තෝඩුවේ රැදුනු කුංකුම
එළිය දුනි නුබෙ රූ අගේ
පන්හිදක ලිව් කවි අගේ
මගේ පෙම නුබ වෙත බැදේ
රන් රුවන් මිණි කිරුලු නැති මුත්
නුබ මගේ නම් එය අගේ
පබලු
6.11.09
ජීවිතය ගැන අලුතින් හිතන්න මටත් හිතුනා..............
ජීවිතය ගැන අලුතින් හිතන්න
මටත් හිතුනා ..........
ජීවිතය සැහැල්ලු කරගන්න ,
පුංචි පුංචි හීන එකතු කරගෙන
ජීවිතේ ලස්සන කරගන්න,
ජීවිතේට බැදෙන්න ඕන වෙලාවට
බැදෙන්න...........
ඈත්වෙන්න ඕන වෙලාවට
ඈත්වෙන්න...........
දුකක් නැතුව,
සැනසීමෙන් ජීවත් වෙන්න,
මටත් හිතුනා............
දුෂ්කරයි කියල අත හැරල යන්න බැරි,
ජීවිතය ගැන අලුතින් හිතන්න
මටත් හිතුනා..............
පබලු
4.11.09
ආදරේ තරම දැන් තමයි මට දැනුනේ
නුබ කදුලු නොදුන්නට මේ ඇස් දෙකට
මගේ
ගලන්නේ නුබ නමින්මයි කදුලු නෙතේ
පැතුවත් රැදෙන්නට නුබ ලගින් සිත් ලෙසේ
මේ හිතම තමයි නුබ මගෙන් වෙන් කලේ
බැතිබරයි පෙම් මල නුබේ පෙම් පූජාසනේ
වෙන්වෙලා සිටිමුත් දුක දරාගෙන සිතේ
මතක් වෙන හැම වරම නුබ මට දුන් සෙනේ
නෙතින් ගලනා කදුලු පමණයි මගේ ලගින් සිටියේ
රත්තරන් ඔය හිතින් විදින්නට ආදරේ
පිං නොමැති මේ සිතට නෑ සතුට දැනුනේ
විදවන්න මේ හිතම ඇයි නුබට බැදුනේ
ආදරේ තරම දැන් තමයි මට දැනුනේ
පබලු
1.11.09
අමාවක වෙලා නුබ - ගිලිහෙන්න එපා මතු දින
පුන්සදක් ලෙසින් නුබ
පායගෙන ආවට අද
අමාවක වෙලා නුබ
ගිලිහෙන්න එපා මතු දින
සත්පියුම් මත හිද
ආදරේ නොකීවට
නුබේ නෙතු වලින් දුන්
ආදරේ වටී මට
නිමල පැතුම් අප
පැතුවාට අද දින
ඉටු නොවුන හොත් මතු දින
වැලපෙන්න වේවි මට නුබව සිහි කර
මගේ කවි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)