පෙම් මලක් පිපුනයි සිතේ
රන් තිලකයකි නුබෙ නළලතේ
පාද සලං හඩ ඇහෙන මානයේ
ඉන්න හැකිනම් හරි අගේ
වරලේ ගැවසු මල් වැලේ
සුවද විහිදුනි නුබෙ සිතේ
දිලුනු තෝඩුවේ රැදුනු කුංකුම
එළිය දුනි නුබෙ රූ අගේ
පන්හිදක ලිව් කවි අගේ
මගේ පෙම නුබ වෙත බැදේ
රන් රුවන් මිණි කිරුලු නැති මුත්
නුබ මගේ නම් එය අගේ
පබලු
ලස්සනයි..
ReplyDeleteමේක පිරිමි කෙනෙකුට එන සිතුවිල්ලක් නේද... ඔයාට කොහොමද මෙහෙම අදහසක් ආවේ
මම නම් හිතන්නෙ හොද නිර්මාණ කරුවෙකුට පුලුවන් තව කෙනෙකුගෙ හැගීම් තමන්ගෙ කරගන්න.
ReplyDeleteලස්සනයි!!! දිගටම ලියන්න!!! සුබපැතුම්!!!!
@Ravimal හ්ම්...රූප හිතේ ඇදුනහම නිකන්ම ලියවෙනවා..ස්තුතියි!!
ReplyDelete@dilu ස්තුතියි!!!
...ඔයාලගේ කමෙන්ට් දක්කහම ලියන්න හිතෙනව තව තව ...ස්තුතියි හැමෝටම
නිර්මාණයක් කරන්න හෝ හෑල්ලක් ලියන්න ලිංග බේදයක් අවැසි නැහැ. අප හිතන විදිහටම අප නොසිතා තවත් කෙනෙකු සිතන ආකාරයට සිතන්න පුළුවන්නම් ඒකයි නිර්මාණ කරුවෙකුගේ දක්ෂ තාවය කියන්නේ. අපට පුළුවන් නම් සතෙක් සර්පයෙක් සිතන ආකාරයට සිතන්න වස්සෙක් වැස්සියක්නයෙක් ගැන සිතන ආකාරයට සිතන්න නයෙක් හැපින්නක් ගැන සිතන ආකාරයට සිතන්න. ඒක දක්ෂතාවයක්. මිනිසෙක් මිනිසෙක් ගැන නොසිතන යුගයක සත්තු සර්පයෝ ගැන මොන කථාද නේද පබළු. ඉතින් පබළු නම් නිර්මාණ වේදිනිය පිරිමි සිතිවිලිලකට ඉතාම රමණියව සම වැදීලා තියෙනවා.
ReplyDeleteරන් රුවන් මිණි කිරුලු නැති මුත්
නැති මුත් කියන තැන ටිකක් අවුල් වගේ.
@ගීත් ස්තුතියි!!!
ReplyDeleteසිතුවිලි පද වලට හැරවුනාම, එවා කවුරුම හරි එකම කෙනෙක් හරි රසවින්දම, ඒ පද ලියපු කෙනාට දැනෙන අහිංසක සතුට මටත් දැනෙනවා.
කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි!!!