මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
25.1.11
තාම මග බලනවා
ලඟ ලඟම ඇති කියා,
තාම මග බලනවා
දිනක නුඹ එයි කියා
හද සිනා සලනවා...
නෙත් මඩල හඩවලා
හීනයක් බිදෙනවා
ලඟ ලඟම ඇති කියා,
තාම මග බලනවා
තාම මම මග බලනවා...
පබලු
මහා බස් බ්ලොග් සතියේ දෙවන දිනය වෙනුවෙන්
24.1.11
නුඹ
සැදෑ හිත් අහසට පැයු
සොළොස් කලාපිරි පුරා හඳ
වියළි සිත් කතරට ගැලු
සුනිල දිය දහර නුඹ
නෙතට නිදි නැති රැ දිවා
හිත ලඟම සක්මන් කලා
ළය පුරා ස්නේහයේ රස
තියා හිත ලඟ නැවතුනා
පබලු
මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලදි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)