මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
28.6.10
මතක සුවද ඔබයි
සිනා ඉසින
සිත සනසන
මියුරු ගීය ඔබයි
පමා නොවී
හිතට එබෙන
මලේ සුවද ඔබයි
දමා නොයන
ලගම රැදෙන
මගේ හීනය ඔබයි
සදා මහද
රැදී තියන
මතක සුවද ඔබයි
පබලු
21.6.10
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
සිත් විල පිපි
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....
භවයෙන් භවයට පෙරුමන් පිරුවේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ
පබලු
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)