26.11.09

දෙරණ වී මම ඉදිමි නුබේ සිසිලස පතා...


තනිවෙන්න නුබ එපා
ආකහේ සඳ වෙලා ...
තරුමල් ව මම ඉදිමි
නුබේ තනිකම මකා...

වැටෙනු මැන නුබ මෙදා
මහ වැස්සක් වෙලා...
දෙරණ වී මම ඉදිමි
නුබේ සිසිලස පතා...


ගලනු මැන නුබ සදා
ගංගාවක් වෙලා ...
සයුර වී මම ඉදිමි
නුබට එක්වනු සිතා ...

14.11.09

නුබ වෙනුවෙන් එක කවියක් වත් ලියන්න මට හිතුනා ..


අවිහිංසක මගේ සිතුවිලි අතරේ
නුබේ සමරු සෙව්වා
නුබ ගුණදම් මැද මා තනිවී
මතක සුවද වින්දා
නොමැකෙන සේ නුබ ලියු කවි මගේ
සිතේ කොනක සගවා
නුබ වෙනුවෙන් එක කවියක් වත්
ලියන්න මට හිතුනා


නුබ ගැන ලියන්න සිතුවිලි බෝමයි
ගලපාගන්නට බැරි සේමයි
පදවැල් අමුණා එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි

ප්‍රේමය ගැන නුබ ගැයු ගීවැල් බෝමයි
අමතක කරන්න බැරි සේමයි
ඒ ගී වැල් මට එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි

පබලු