මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
3.7.12
ප්‍රේමයේ ඵලදරා
පාවෙනා වළාකැ
ටි
ප්‍රේමයේ පැහැය වැද
සැන්දෑ වේ අහස් කුස
රනින් දිලෙන සොඳ
මෝරනා පෙම් පැහැය
වළාකුළු අඳුරුකර
විටින් විට පායනා
තරු වලින් එළිය වෙන සඳ
සුවහසක් තරු කැකුලු
පුදිමින් අහස් කුස
ප්‍රේමයේ ඵලදරා
අරුණකින් යළි එලියවෙන සොඳ
පබලු
8.6.12
හදවතේ මැද
කෑ ගගහ මගේ හිත හඩනකොට
නොදැනෙනවා වගේ ඉන්නේ කොහොමද
නොහැගෙනා ඔය හදවතේ මැද
තව තවත් මම ඉන්නේ කොහොමද
සඳ දියේ වැද සඳ එලිය විද
පෙම් විලේ වෑද පෙම් සිහිල විද
මගේ ලොවේ හිද ලොවම එළිකල
කුමරුනේ මම යන්නේ කොහොමද
මල් වලින් සැදි මල් වියන් මැද
නුබට තුරුලුව උන්නු කාලය
සිහිව ලතවෙමි රැ දොළොස් පැය
හඩන සිත යළි වේද විකසිත
පබලු
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)