1.3.12

කඳුලු කතාවම නිමාවුව මැන


වසන්තයේ පිපි සැලුන මල්
නටු අගින් ගිලිහි බිම වැටෙන සඳ
දෙ ඇස් පියන් යට සැඟව ගුලිවුන
කඳුලුමල් වැහි බිමට වැටෙන සඳ

ඔබෙන් දුරකට යන්න නොහැකිව
මගේ හද වැලපෙනා අඳුරක
ළඟට ඇවිදින් නළල සිඹිනු මැන
මගේ පණනල මියෙන මොහොතක

සැඟව යන මගේ හිනා මුව මත
නුඹේ සුසුමන් පතිත වුන මැන
නිමක් නැති එක පෙම් කතාවක
කඳුලු කතාවම නිමාවුව මැන

පබලු

24.2.12

බලාපොරොත්තුව



අවසාන තීරනය 
ලැබෙන තුරු නො ඉවසිලිව 
බලා ඉමි ....

දුක් සුසුම් ක්ෂනයකින් 
මැකී යනු නො ඉවසිලිව 
බලා ඉමි...

බලාපොරොත්තුවේ මල් 
පිපි ලෙලදෙනු රිසිව 
බලා ඉමි ...
බලා ඉමි...
මම මඟ බලා ඉමි...

පබලු