29.1.11

වඩිනු මැන කුමරුනේ

වසන්තය අරන් දෝතින්
වඩිනු මැන කුමරුනේ
අහස් ඉම පුරා අපි 
අදිමු සිතුවිලි ඔහේ.......

උදේ හිරු මල සිනා අරගෙන 
වඩිනු ඇත හෙට දිනේ 
ඒ සිනා කැන් මුව පුරා පිරි
හැඟුම් පුබුදනු ඇත සිතේ.....

බලාපොරොත්තුව වෙලා නුඹ විත් 
සිත පුරා නැවතී මෙසේ 
මට හොරා මගේ හිත හිනා වුන 
යුරු  කියන්නම්  හෙට දිනේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ හයවන දිනය

28.1.11

තනිකමට හුරු හිතක

මල් සිඹින මද පවන 
සේ මහද සිඹලා
තරු පිපුනු රැ අදුරේ 
මම සිටියේ මඟ බලලා

පිනි බිංදු රැ අදුරේ 
මල් මතට වැටිලා
නෙත් කඳුළු නෙත් කෙවෙනි 
බොඳ කරලා නුඹ මැකිලා

පැතුමකට ඉඩ දීලා 
මගේ සුසුම් හද පිරිලා 
තනිකමට හුරු හිතක 
හසරැලිත් දැන් නැතුවා

පබලු

මහා බස් බ්ලොග් සතියේ පස් වන දිනය