27.1.11

මටත් නොදැනි දුර ඈතක


අහස් කෙළවර පිපිනු කුසුමක්
ඉල්ලලා  ඇඩුවට
දෙන්න බැරි බව දන්නවා 
අම්මේ......

දිය පොදක් කියාගෙන
මිරිගු දිය දිගේ මගේ හිත
යන බවක් දැනෙනවා
මට අම්මේ......

මම හොයන මගේ ජීවිතේ
කවදාවත්ම නොලැබෙන බවක්
දැනෙනවා මගේ අම්මේ.....

එහෙම වෙලාවට මුලු හිතම 
කීරි ගැහෙනව මගේ අම්මේ..

අපරිමාන අහස පුරා පියාඹන්න 
හිත කියනවා අම්මේ.....

අහසේ තැනක තනිවේවිද 
බය හිතෙනවා අම්මේ.....

මගේ දෝතින් හරි හයියෙන් 
අල්ලගන්න අම්මේ......

මටත් නොදැනි දුර ඈතක 
පාව යයිද මම අම්මේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ  හතරවන දිනය 

ප /ලි
හුඟා කාලෙකට කලින් ලියවුනු වචන ටිකක්.බ්ලොග් එකට දාන්න හිතාගෙන හිටියේ නෑ.ඒත් ඉතින් අද දැම්මා.මේ දවස් වල කවි සිතුවිලි පහල වෙන්නේ නැ.බ්ලොග් සතිය අතාරින්නත් බැරි නිසා පෝස්ට් එක දැම්මේ..

26.1.11

කල පව් බොහෝමයි


හසරැලි අරගෙන එන 
පෙරමග
රැදෙන්නට වරම්
සිත ලඟ දගකල 
සිහිනය යළි 
පිපෙන්නට වරම්
නොතිබුනු යුගයක 
ඔබ මා 
හමුවන්න තරම්
කල පව් බොහෝමයි 
පෙර භවයක 
අප කරපු තරම්....

පබලු

මහා බස් බ්ලොග් සතියේ තෙවන දිනය.