29.8.10

සදවතී


රෝස යහනෙ සැතපිලා
ඉන්නවා නම් ගුලිවෙලා
සෙනෙහසින් තව ලන්වෙලා
සිපගනිමි ඔය නෙත් වසා

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

සියුම් අතැගිලි උණුහුමයි
අකුරු කල කුලුදුල් පෙමයි
පීදි තරු ඇස් නුබේ තමයි
සිතත් දොඩමලු වෙන හැඩයි

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

නෙතු පියා දැහැනට වැදී
හීන අතරින් පාවෙවී
ඇන්ද සිත්තම් වල එතී
පාවෙලා යමු සදවතී

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

පබලු

19.8.10

මම කල්පය පහන් කලා


සිතුවිලි දඟ කෙරුවා
නුබ එන පෙරමං බැලුවා
හසරැල් නෙත රැදුනා
නුබ සුවද ලග දැනිලා

පැතුමන් හද පුරවා
නුබේ උණුහුම මම පැතුවා
සද තරු අහස වසා මුත්
සෙනෙහස දෝරේ ගියා

නිල් පිණි පලසක් එලලා
මුදු සීතට සිත දැවුනා
ඔය හිත යටට වෙලා
මම කල්පය පහන් කලා

පබලු