
පොළව සිබින හිරු කිරන,
නුබයි මහද සනසවන....
තුරු අරන සිඹින මදපවන
නුබයි සිසිල ගෙන වැඩිය....
ඉරි තලා වියලි සිත් කතර
සනසන්න ගැලුව දිය දහර
නුබයි සැදුවේ රන් විමන
පහන් සිලකි මම සැලුන....
ගනදුරට එලිය ගෙන වැඩිය
සිසිකිරණ නුබයි තරු අතර....
පිපි පියුම් මතින් නුබ වෙතට
පින් පුරන සමන් මල මමය....
පබලු
